(නිමන්ති රණසිංහ)
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් මහජන පීඩා ඇතිවන ආකාරයෙන් අද (02) කොළඹ දී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයක් වලක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස කුරුදුවත්ත පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ප්‍රතික්ෂේප කළේය.
සාමකාමී විරෝධතා ව්‍යාපාර වැළැක්වීම සඳහා අධිකරණය නියෝග නිකුත් නොකරන අතර , මහජනතාවට පීඩාවක් ඇති වන ආකාරයෙන් උද්ඝෝෂණකරුවන් හැසිරුණහොත් පොලිස් බලතල පාවිච්චි කර ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස සඳහන් කරමින් මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු විශාල පිරිසක් කොළඹ නෙළුම් පොකුණ රඟහල ඉදිරිපිට සිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරියට විරෝධතා පා ගමනක් සංවිධානය කර ඇති බවට තොරතුරු වලින් අනාවරණය වී ඇති අතර එසේ වුවහොත් ඉන්මහජනතාවට පීඩාවක් ඇතිවී මහා මාර්ගවල ගමනාගමනය අඩාල විය හැකි යැයි කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණි.
ඒ හේතුවෙන් කොළඹ කුරුඳුවත්ත , සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මාවත, මල් පාර, නෙළුම් පොකුණ වටරවුම ඇතුළු මාර්ග කිහිපයකට ඇතුල්වීම වළක්වාලමින් ආඥාවක් නිකුත් කරන්නැයි කුරුඳුවත්ත පොලීසිය අධිකරණයෙන් ඉල්ලා තිබිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ හොඳ පාලනයක් තිබිල මිනිස්සුන්ට කන්න බොන්න තිබුනනම් මෙ උද්ගෝශන ඇති වෙන්නෙ නෑ. ාරන නෙවේ මිනිස්සුන්ට දරුවන්ට කන්න බොන්න දේවල් ගන්න සහන සලස්වන්න බැරිනම් ාට හරි දීල යන්න.
මේ විරුවා පට්ටම් ගොබ්බ සේන ගේ පොලීසියේ මහා එවුන් රෙද්දක් ඇදගෙන ද දන්නේ නැහැ ඉන්නේ මේ වගේ හිනායන ඉල්ලීම් නැවත නැවත ප්‍රතික්ෂේප වෙද්දී එකම ආපහු කරනවා ඔයිට වැඩිය හොඳයි ..............( හිස් තැනට කැමති එකක් දමාගන්න )
මේ අන්තරේ කියන උන්ට වෙන වැඩක් ඇත්තෙම නැද්ද. මහජන සල්ලි වලින් කැම්පස් යනවා.ඉගෙන ගන්නේ නැහැ පිස්සු කෙලිනවා. නායකයා අවුරුදු 10 ක් තිස්සේ ඉන්නවා ව්භාගේ ෆේල්. .මෙච්චර කරදර කාළේවත් පොඩ්ඩක් හිටපල්ලකො ටිකක් ඉවසල. රාජපක්ෂලා මිනිස්සුන්ගේ බඩ ගෝස්තරේ කෑවා. අන්තරේ ජවිපෙ දේසපාලනේ කොරන්න ගිහින් ළමයින්ගේ ඔලු කනවා. දෙගොල්ලොම එකයි.