
(අංජුල මහික වීරරත්න)
අධිවේගී මාර්ගවල ගමන් කරන සියලුම වාහන වල රියදුරන් සහ සියලුම මගීන් ආරක්ෂිත ආසන බඳ පටි පැළඳීමේ නීතිය මෙම සැප්තැම්බර් 19 වෙනිදා සිට අනිවාර්ය කිරීමට තීරණය කර ඇතැයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න මහතා පැවැසීය.
ඉකුත් 2025 වසරේ අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ මෙම නීතිය වසරකට ආසන්න කාලයක් වරින් වර ක්‍රියාත්මක කිරීම කල් දැමුණු බැවින් නැවත කිසිසේත් කාලය දීර්ඝ කිරීමක් සිදුනොවන බව කුලරත්න මහතා කීය.
සභාපතිවරයා මේ බව පැවසුවේ අධිවේගී මාර්ග වල ගමන් ගන්නා සියලුම රියැදුරන් සහ මගීන් ආරක්ෂිත ආසන බඳ පටි පැළදීමේ නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද (19) පැවැති මාධ්‍ය හමුවකදීය. බත්තරමුල්ල, කොස්වත්ත ‘මගනැගුම මහමැදුර’ මහාමාර්ග අමාත්‍යංශයීය ශ්‍රවණාගාරයේ දී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
නිෂ්පාදකයන් විසින් වාහන වල මැද ආසන සහ පසුපස ආසනවල ආරක්ෂිත පටි සකස් කර නොමැති වාහන වල ඒවා විධිමත්ව සකස්කර ගැනීමට සහන කාලයක් ලබාදුන් බව සභාපතිවරයා මෙහිදී පැවසීය.
මෙම සහන කාලසීමාව ඉකුත් ජූනි මස 10 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබුනද විවිධ පාර්ශ්වවලින් ලද ඉල්ලීම් මත සහ විධිමත් ආරක්ෂිත ආසන පටි සවිකර ගැනීම වෙනුවෙන් සැප්තැම්බර් 19 වන දින දක්වා කාලය දීර්ඝ කළ බව සභාපතිවරයා කීය. එමනිසා තවදුරටත් එම කාලසීමාව දීර්ඝ නොකරන අතර ලබන 19 වැනිදා සිට මෙම නීතිය පිලිනොපදින සියලුදෙනා දඩයකට යටත් වන බව සභාපතිවරයා පැවැසීය.
ඒ අනුව සැප්තැම්බර් 19 වැනිදා සිට අධිවේගී මාර්ගයේ ගමන් කරන රියදුරන් පමණක් නොව සියලුම මගීන් ද මෙම නීතියට යටත්වන අතර, එය කඩකරන්නේ නම් මගියාට ද දඩ මුදල් නියම කෙරෙනු ඇත.සැප්තැම්බර් 19 සිට අධිවේගී මාර්ගයට ඇතුළු කරන වාහන වල සියලුම රියැදුරන් සහ මගීන් ආසන පටි පැළඳ ඇත්දැයි පොලිසිය විසින් පරීක්ෂා කරන බවද මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd