
(ජේ.කේ.එල්. චාමින්ද සහ රවි ලියනගේ)
දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදුව පිවිසුම ආසන්නයේ 97 වැනි කිලෝ මිටර් කණුව ආසන්නයේ දි කුඩා ප්‍රමාණයේ මෝටර් රථයක් අද (05)අළුයම ගිණිගෙන ඇතැයි අධිවේගි මාර්ගයේ පින්නදුව පොලිස් ස්ථානය පවසයි.
මෙම මොටර් රථය පදවාගෙන පැමිණි පුද්ගලයාට කිසිදු අනතුරක් වි නැත. කොළඹ බලායාම සදහා පින්නදුව පිවිසුමෙන් අධිවේගි මාර්ගයට ඇතුල් වි ඇති අතර අධිවේගිමාර්ගයේ 97 වැනි කිලෝමිටරයේ දි එකවරම මෝටර් රථයෙන් දුමක් පැමිණ එකවරම දුම වැඩිවි මෝටර් රථය ගිණිගෙන ඇත. මෝටර් රථයේ ඉදිරිපසට දැඩිලෙස හානිවි ඇති අතර පිටුපස අසුන් ගිණි ගැනිමෙන් හානියට පත්ව ඇත.
අධිවෙගි මාර්ගයේ පින්නදුව පොලිස් ස්ථානයේ ගිණිනිවන රථයක් පැමිණ ගින්න නිවා දැමිමට කටයුතු කළ බව අධිවේගි මාර්ගයේ පින්නදුව පොලිස් ස්ථානය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩුබායි වැනි රටවල වාහනය ඇතුලේ ගිනි නිවනයක් තිබීම අනිවාර්යයි. ලංකාවේ වාහනේ වරායෙන් බාද්දීම ගලවන්නේ එම උපකරණය. ඒක තිබ්බ නම්, වාහනෙත් සුළු හානියකින් බේරගන්න තිබුනා. ලංකාවේ රථවාහන කොමසාරිස් ප්‍රවාහන අමාත්‍යංශය ඉන්නේ බදු ටික එකතු කරන්න විතරයි. රියදුරන්ට දෙන පුහුණුව ඉතා ප්‍රාථමිකයි, අනාරක්ෂිතයි
නඩත්තුවේ ප්‍රශ්ණයක්ද කාර්මික දෝෂයක්ද දන්නෑ... මොකක් වුනත් ඉන්දියන් වාහන ගන්න කළින් දෙපාරක් නොව සියපාරක් වත් හිතුවොත් හොදයි. අපේ අය පෙනුමට වාහන ගත්තට ඊට වැඩි දෙයක් සොයා බැලිය යුතුයි. ඉන්දියන් වාහන වල ආරක්ෂක ප්රමිතීන් ඇත්තෙම නෑ.
අනිවාර්යයෙන්ම මක බාස් කෙනෙක් වැඩක් කරන්නැති... අනිත් එක තමයි වාහනයක් එලවන කෙනාට යාන්තම් හරි වාහනේ තාක්ෂණික පැත්ත ගැන අවබෝධයක් තියෙන්න ඕනෑ. දැන් ඉන්න උන්නැහේලා හුඟක් දෙනෙක් ලීස් කරලා වාහනයක් ගන්නවා ක්‍රම සහ විධි පාවිච්චි කරලා බලපත්‍රයත් ගන්නවා.. අඩු ගණනේ වාහනයක් පාක් කරන්නවත් දන්නේ නැහැ.. මේක කියන්නේ කුහකකමටවත් තව කෙනෙක් හෙලාදකින්නවත් නෙමෙයි.. මම පාරේදී දකින සත්‍යය... මේ වගේ එකක් වළක්වා ගන්න තිබුණා.. සමහරවිට මුල් අවස්ථාවේදීම අවශ්‍ය පියවර ගත්තා නම් මොකද මොනයම් වාහනයක්වත් හෝස් ගාලා එක පාරටම ගිනි ඇවිලෙන්නේ නැහැ..