(සුමිත් ප්‍රේමතිලක)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෝටර් රථයක දොර කවුළු මත නැගී අපරික්ෂාකාරි අන්දමින් ගමන් ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී රිමාන්ඩ් ගතව සිටි සැකකරුවන් පස් දෙනා එක් අයකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙස පානදුර අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද (22 ) නියම කළේය .
දින දහයක් පමණ රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සිය සේවාදායකයින්ට එරෙහිව චෝදනා ගොනු කිරීමෙන් අනතුරුව වරද පිළිගැනීමට ඔවුන් සූදානමින් සිටින බවත් , සිද්ධිය සම්බන්ධයෙන් කණගාටු වන බැවින් ඇප පනතේ 14 වගන්තිය ප්‍රකාරව ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ලබා දෙන්නැයි විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිල නාවලගේ සහ නීතිඥ රජිව් පී විතාන යන මහත්වරුන් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන මහෙස්ත්‍රාත්වරයා ඇප නියම කළේය .
මහනුවර ,උඩතලවින්න සහ අකුරණ ප්‍රදේශයේ පදිංචිකරුවන් පස් දෙනකු මෙසේ ඇප මත මුදාහරිණි
මොවුන් ගාල්ල ප්‍රදේශයේ විනෝද චාරිකාවක් සදහා යමින් සිටියදී මෙලෙස විනය විරෝධී ආකාරයෙන් ගමන් කර ඇති බවට වෙනත් වාහනයක කැමරාවක පටිගත වී ඇති දර්ශන අන්තර් ජාලයට මුදාහැර තිබූ බවට අධිකරණයේ දී කරුණු අනාවරණය විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇප දෙනවා විතරක් නොවේ, ආයේ මේ අයට කිසි දඬුවමක් නෑ. හේතුව අපි කවුරුත් දන්නවා.
ජීවිතයේ පළවෙනි වතාවට වාහනයකින් අධිවේගී මාර්ගයේ ගමන්ගත් මෝඩ බයියන්ගේ වලිගය තියෙනවාද කියලා පරීක්ෂා කරලා බලලා, වලිග තිබේ නම් සත්ව උද්‍යානයටත්, වලිග නැතිනම් මුල්ලේරියාවේ පිස්සන් කොටුවටත් වහාම යවන්න.