(මනෝප්රිය ගුණසේකර)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බැඳිගම පිවිසුමේදී පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි තංගල්ල හිටපු නගරාධිපති සහ ඔහුගේ බිරිඳ  වීරකැටිය  පොලිසිය විසින් අද (06) සවස අත්අඩංගුවට ගන්නා ලදී.

හිටපු ධීවර අමාත්‍ය දිලිප් වෙදාරච්චි මහතාගේ පුත්‍රයාද වන තංගල්ල හිටපු නගරාධිපති රවිඳු වෙදාරච්චි මෙම සිද්ධිය සම්බන්ධයෙන් අතඅඩංගුවට ගැනීමට පොලිසිය දින කිහිපයක් තිස්සේ විමර්ශන සිදුකළ මුත් ඔවුන් පොලිස් ඇසට වැලි ගසමින් සැඟව සිටි අතර පසුව ඔහු බිරිඳ සමඟ වීරකැටිය පොලිසියට පැමිණ බාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බැඳිගම පිවිසුමේදී සැකකරුවන් කැබ් රථයකින් අනාරක්ෂිත අන්දමින් ශීතකරණයක් ප්‍රවාහනයට උත්සහ කිරීමේදී ඊට විරුද්ධ වු එහි රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියාගේ රාජකාරියට බාධා කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රවිඳු වෙදාරච්චි සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරික්ෂණ ආරම්භ කෙරින.

එසේ තිබියදී පොලිසියට බාර වු සැකකාර යුවළ අධිකරණයට ඉදිරිපතත් කිරීමට කටයුතු කරන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.