
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අධිවේගී මාර්ගයේ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කිලෝ මිටර් 3.5 කොට්ටාව සහ අතුරුගිරිය අතර දී වෑන් රථයක් ගිනි ගෙන විනාශ වූ බව අධිවේගී රථවාහන පොලිසිය කියයි
වෑන් රථයේ ගමන් ගත් පුද්ගලයන් පස් දෙනකු ගින්න හට ගන්නවාත් සමග ඉන් පිටතට පැන දිවි බේරා ගෙන ඇතැයි පොලිසිය කියයි
හම්බන්තොට අධිවේගී පිවිසුමෙන් ඇතුළු වී කඩුවෙල දෙසට වෑන් රථය ධාවනය වෙමින් තිබියදී වෑන් රථයෙන් කරගඳක් වහනය වීම නිසා රථය නතර කර ඇත. ඒ සමගම වෑන් රථයේ ඉදිරි කොටසින් මෙම ගින්න හටගෙන තිබූ බව පොලිසිය කියයි.
අධිවේගී රථවාහන පොලිසිය, පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරීන් පැමිණ ගින්න නිවා දැමුව ද ඒ වන විටත් වෑන් රථයේ මුළුමනින්ම ගිනිගෙන විනාශ වී තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිද්ධිය සම්බන්ධයෙන් අයිතිකරුට අපගේ සංවේගය පළ කරමු. ඉදිරියේ දී මෙවන් විපතක් නොවේවා...!!!