
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු ඉතිහාසයේ දිනකදී වාර්තාගත වැඩිම පාසල් සිසුන් සංඛ්‍යාවක් පාර්ලිමේන්තුව නැරඹීම සඳහා අද (01) පැමිණි බව වේත්‍රධාරී නරේන්‍ද්‍ර ප්‍රනාන්‍දු මහතා පැවසීය.
ඒ අනුව, දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින්, පැසල් 32 කට අයත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 5000 කට අධික පිරිසකට පාර්ලිමේන්තුව නැරඹීමේ අවසරය ලබා දී ඇති බව වෙිත්‍රධාරීවරයා වැඩි දුරටත් පැවසීය.
ලෝක පාර්ලිමේන්තු සමග සැසඳීමේදී ද, එක් දිනක් ඇතුලත මෙපමණ පිරිසක් පාර්ලිමේන්තුව නැරඹීම සඳහා පැමිණීම වාර්තාවක් විය හැකි බවද තවදුරටත් වේත්‍රධාරිවරයා සදහන් කළේය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක කාරකසභා අවස්ථා විවාදය අද විවාදයට ගැනුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදට බලන්න දරුවනෙ. බලල අනාගතයෙදි හරියට තමන්ගෙ චන්දය පාවිච්චි කරන්න. මුලික දේශපාලන දැනුම හැම ලමයෙකුටම අනිවාර්ය කරන්න ඔනි පාසල් අද්‍යපනය තුල.
මම හිතන්නෙ බන කියන හින්ඩ වෙන්න අති
අනේ දුවේ,පුතේ ගියාට කමක් නැහැ එතන ඉන්න අය කියවන විකාර' කතා එහෙම ඉගෙනගන්න එපා සමහර අය දබරගිල්ල උස්සලා තර්ජනාත්මකව කතා කරනවා ඒවා ඉගෙන ගන්නත් එපා හරිම කැතයි .තමන්ගෙ ප්‍රදේශයේ මංත්‍රිතුමාගේ හැසිරීම කතාව අමිහිරි නම් ඊළඟ වතාවේ පාර්ලිමේන්තුවට නොයවන්න අම්මා තාත්තා හා නෑදෑ පිරිස දැනුවත් කරන්න නැත්නම් දුවේ පුතේ ඔයාලට අයිතිය ලැබෙන්න තියෙන මේ රට හදන්න බැහැ දූලා පුතාලට තෙරුවන් සරණයි
අනේ අම්මෝ...! අපේ ටීටර් අපි දැනගෙන හිටියේ නැහැනේ පාර්ලිමේන්තුව කියන්නේ දිව්‍ය විමානයක් කියලා. අපේ ඇස්වලට අදහා ගන්නත් බැරිවුණා... ඒ පරිසරය දැකලා... සුදු ඇඳුමින් V-8 වාහනවලින් බැහැපු අය ඇතුල්වුන හැටි දැක්කහම අපිට හරිම ආඩම්බරයක් නේද ටීචර්..! සමහර ඇමතිවරු පාර්ලිමේන්තුව ඇතුලේ ඇයි අහන ප්‍රශ්නවලට ඉංග්‍රීසියෙන්ම පිළිතුරු දෙන්නේ ... ඒ කියන්නේ සිංහලෙන් පිලිතුරු දෙනකොට වචනවල අගයක් නැද්ද ටීචර්.? ආ..තව එකක් ටීටර්... අපි නිතරම දැක්කා පාර්ලිමේන්තුව ඇතුලේ මන්‍ත්‍රීලා නිතරම මොබයිල් එක පාවිච්චි කරනවා කතානායක වැඩපටන් ගත්ත වෙලාවේ ඉඳලා... ඒක අපිටත් රටටත් ලොකු ආදර්ශයක්...! එහෙම කරලත් ඒ අය මාසෙ පඩි ගන්නවනේ .. ටීචර්ලටත් එහෙම පඩිය ගන්න පුළුවන්නේ ඉතින්... අපේ ඉස්කෝලවලටත් ඔය මොබයිල් ටෝක් අනුමැතිය ලඛා දෙන්නකෝ... ඒක ඇතුලේ මැතිඇමතිලා නිතරම කෑගහගන්නවා දැක්කාම අපිට පුදුම හිතුණා.. ටීචර් ඇයි කතානායකතුමා ඒ අයව එයා ඉදිරියෙදි අපේ ඉස්කෝලවල දෙන දඬුවම වගේ දණ ගැස්සුවේ නැත්තේ කියලා..? සමාවෙන්න ටීචර් මේ ප්‍රශ්ණය ඇහුවාට... ඒ අය අපේ පන්තියට වෙනකම්වත් ඉස්කෝලේ ගිහිල්ලම නැතිද ..? පාර්ලිමේන්තුව නැරඹීමට ගිය 8 වසර සිසුවියගේ අත්දැකීම්..!
ලෝකේ කිසිම රටක පාර්ලිමේන්තුවකට මෙහෙර ඉස්කෝලෙ ළමයි නරඹන්න ගිහින් නැතුව ඇති. ඒකට හේතුව, 1. ලෝකේ පොඩිම රටේ පාර්ලිමේන්තුව 2. ලෝකේ වැඩිපුරම ඇමතිලා මන්ත්‍රීලා ඉන්න එක 3. අට පාස් එවුන් වැඩිපුරම මේකෙ ඉන්න නිසා 4. මේවගේ පගාමරුවන් වෙන කිසිම රටක නැති නිසා. 5. ජනයාගේ බදු මුදලින් කෝටි ගණන් වටිනා වාහනවලින් එන නිසා.