
(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහීකවීරරත්න)
අධ්‍යාපන නව ජාතික ප්‍රතිපත්තිය සැකසීමේදී නවක වදය තුරන් කිරීම ගැන විශේෂ අවධානය යොමු කරන්නැයි විශ්ව විද්‍යාල උපකුලපතිවරු පිරිසක් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවෙන් ඉල්ලා සිටියහ.
කෙටුම්පත් කෙරෙන නව අධ්‍යාපන ජාතික ප්‍රතිපත්තිය පිළිබඳ වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට ලබන මැයි මාසයේදී වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස එහි සභාපති මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා අධ්‍යාපන අමාත්‍යංශය ඇතුළු අදාළ පාර්ශවයනට දැනුම් දුන්නේය.
අධ්‍යාපන කොමිෂන් සභාව මෙම ප්‍රතිපත්තිය සැකසීමේදි අදාල අමාත්‍යංශය ඇතුළු සියලු පාර්ශ්වයන්හි සහයෝගය ලබාගත යුතු බව ද හෙතෙම කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නවක වදකයින්ට මහජන මුදලින් නඩත්තු වන සරසවි තුළ අධ්‍යාපනය සදාකාලිකව තහනම් කිරීමෙන් නවක වදය කෙටි කාලයකින් නිමා කළ හැක. ඒ සඳහා අවශ්‍ය කොන්දක් ඇති නායකත්වයක් පමණි.
ඇත්තෙන්ම ඉතාම කාලෝචිත අදහසක්. "අපගේ අනාගත පරපුරවත් " එක එකාට අතපාමින් පාරවල් දිගේ දියව් දියව් කියමින් හිඟාකන නිවට පරපුරක් නොවීමට නවක වදය සහමුලින්ම සරසවිවලින් තුරන් කිරීමට දැඩි නීති ගෙන මහජනතාවගේ පොදු මුදල් නාස්තිය වලකාලීමට පියවර ගත යුතුමයි. එබැවින් නවක වදයට අදාල වරදකට කුමන හෝ නිවට "මෝඩයකු" හමුවුවොත් ඔහුට ඇඩ්රස් නැති වෙන්නම සරසවිවලින් සදහටම පන්නා දැමිය යුතුමයි. මක්නිසාදයත් එවන් අය සාමකාමී සමාජයකට සදහටම වදයකි. එලෙසම "කැහි ගැහැණිය බලයෙන් පන්නා හොටු ගැහැණිය බලයට ආවත්" අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනස් නොවෙනා ආකාරයට නීතිද සකස්විය යුතු යන්න අපගේ අදහසයි. එලෙසම අධ්‍යාපන ප්‍රතිපත්ති රටේ දියුණුවට මෙන්ම නීතිගරුක පුරවැසියන් බිහි කරන ප්‍රතිපත්ති විය යුතුමය.
විශ්ව විද්‍යාලවලට ඇතුල් කරගන්න ඉස්සෙල්ලා ජාන පරීක්ෂණයක් කරලා ගත්තොත් හොඳයි. ජාන විකෘති අය ඇතුල් කරගත්තොත් නැවතත් ඕවා වෙනවා.