(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආන්දෝලනාත්මක අධිභාර බද්ද පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇත.
මෙම පනත් කෙටුම්පත ලබන සතියේ විවාදයට ගැනීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
අධිභාර බද්ද පනත් කෙටුම්පත සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගිය 23 වැනිදා ඉදිරිපත් කරනු ලැබීය.
අධිභාර බද්ද පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණයද ලබන සතියේ දී කතානායකවරයාට බාරදෙනු ඇතැයි දැනගන්නට ඇත.
රුපියල් කෝටි 200 ට වැඩි ආදායම් ලබන පුද්ගලයන්ගෙන් හවුල් ව්‍යාපාරවලින් හෝ සමාගම්වලින් සියයට 25 ක බද්දක් අය කිරීමට අදාල ප්‍රතිපාදන සැලසීම මෙම අධිභාර පනත් කෙටුම්පත මගින් සිදු කෙරේ.
මෙම පනත් කෙටුම්පතට සේවක අර්ථසාධක අරමුදලද ඇතුළත් කරනු ලැබ ඇති අතර ඊට එල්ලවූ විරෝධතා හේතුවෙන් එම අරමුදල ඉන් ඉවත් කර ගන්නා බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා ප්‍රකාශ කළේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
‘අධිභාර බද්ද‘ පනත පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට