
(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති අධිභාර පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (23) පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත .
එම පනත් කෙටුම්පත විශේෂ මන්ත්‍රී සංඛ්‍යාව ගේ සහ ජනමත විචාරණයකින් සම්මත කිරීමට නියෝගයක් කරන ලෙසද පෙත්සම්කාර රංජිත් මද්දුමබණ්ඩාර මහතා එම පෙත්සමෙන් ඉල්ලා තිබේ.
සේවක අර්ථසාධක අරමුදලට සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදලට අධිභාරයක් පැනවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන වලට පටහැනි බව ද පෙත්සම්කරු මෙම පෙත්සමේ සඳහන් කර ඇත.
මෙම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කරනු ලැබ තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd