(යොහාන් භාසුර)
සෝයාමීට් තොග සපයන්නේ යැයි කෝටි දෙකකට අධික මුදලක් වංචා කර අධිකරණ වරෙන්තු 46 ක් මගහැර සිටි කාන්තාවක් කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය අද (12 ) අත්අඩංගුවට ගැනීමට සමත් විය.
නුගේගොඩ, නාවල ප්‍රදේශයේ වෙළෙඳ නියෝජිතායතනයක් පවත්වාගෙන ගිය 38 හැවිරිදි අවිවාහක කාන්තාවක් මෙසේ අත්අඩංගුවට ගත් බවත් මෙම කාන්තාව 2020 වසරේදී පිටරට සිට ආනයනය කර සෝයාමීට් තොග සැපයීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් වෙළද නියෝජිතායතනවලින් රුපියල් ලක්‍ෂයේ සිට ලක්ෂ පහ දක්වා මුදල් ලබාගෙන වංචා කර ඇති බවත් පොලිසිය කීය.
එම වංචාවට හසුවූ ව්‍යාපාරිකයින් රැසක් මිරිහාන පොලිසියට පැමිණිලි කර ඇති බව කී පොලිසිය ඉන් පැමිණිලි නඩු 46 ක් අදාලව මෙම කාන්තාවට එරෙහිව විභාග වන අතර ඇය ඒ සියලු නඩුවල නඩු වාරයකට පමණක් පෙනී සිට අධීකරණය හමුවේ පෙනී සිටිම පැහැර හැර සැගව සිටි බව ද සඳහන් කළේය.
අදාල කාන්තාව කඩවත, ගනේමුල්ල පාරේ නිවසක සැඟව සිටින්නේ යැයි ලැබුණු ඔත්තුවකට අනුව නුගේගොඩ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ. පී. එස්. ජයමහ මහතාගේ උපදෙස් මත නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එන්. විජේරත්න මහතා ඇතුළු කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේය. එම කාන්තාව ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට හෙට (13) ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 30
71
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
350
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අධිකරණ වරෙන්තු 46 ක් මගහැරි කාන්තාවක් අල්ලයි