IMG-LOGO

අධිකරණ රාජකාරියට බාධා කළ නීතිඥවරයා අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ රෙජිස්ටාර් ඇතුළු අධිකරණ නිලධාරීන්ගේ  රාජකාරියට බාධා කළ බව කියන නීතිඥවරයෙකු  අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල්  තල්දූව මහතා පැවසීය  

වැල්ලවත්ත කකවිරත්න  පෙදෙසේ පිහිටි  නිවසක භුක්තිය සම්බන්ධව  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  අධිකරණය මඟින් කරන ලද නියෝගය ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස් ආරක්ෂාව යටතේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ  අධිකරණ රෙජිස්ටාර් වරයා ඊයේ (2)   එම ස්ථානයට ගොස් සිටියදී සැකකාර නීතිඥවරයා අධිකරණ නියෝගයට අවනත නොවී අධිකරණ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධව වැල්ලවත්ත පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය 

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු තිස් නවයක් වන පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.සැකකරු කොළඹ  අංක 3 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.වැල්ලවත්ත පොලිසිය පරීක්ෂණ පවත්වයි 



අදහස් (1)

අධිකරණ රාජකාරියට බාධා කළ නීතිඥවරයා අත්අඩංගුවට

Bamunuarachchi Thursday, 03 March 2022 01:51 PM

වෘර්තීය අත්දැකීම් නැති ගොබ්බයෙක් . සේවාදායකයාට කලර්ස් පෙන්නන්න ගිහිල්ලා කෙලවාගෙන

:       2       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 11 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 179 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 503 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site