(බන්දුල ඉලේපෙරුම)
මෙරට අධිකරණ පද්ධතිය සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කිරීම සඳහා අධිකරණ සේවා කොමිසම ව්‍යාපෘතියක් ඉදිරිපත් කර ඇති බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා අද(2) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒ සමගි ජනබලවේගයේ හේෂා විතානගේ මහතා ඇසූ පැනයකට පිළිතුරු දෙමිනි.
එහිදී හේෂා විතානගේ මන්ත්‍රීවරයාගේ පැනයට පිළිතුරු දුන් අධිකරණ අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය වසරේ දෙසැම්බර් 31 වනවිට දිසා අධිකරණවල වසර 15කට වඩා කල්ගතව ඇති නඩු 8947ක් ද වසර 15-20ක් අතර කල්ගතව ඇති නඩු 3418ක් ද වසර 20කට වඩා පැරණි නඩු 4620ක් ද විසඳීමට ඉතිරිව ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"මෙරට අධිකරණ පද්ධතිය සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කිරීම සඳහා අධිකරණ සේවා කොමිසම ව්‍යාපෘතියක් ඉදිරිපත් කර ඇති බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා අද (2) පාර්ලිමේන්තුවේදී පැවසීය". මෙය අද, හෙට කළ හැකි දෙයක්ද? මොනවා හෝ දෙයක් දොඩවා යැමේදී මේ ඇමති නියමෙට කරනවානේ...? මොහුගේ බොරුවෙ තරම අපි නොදනියිද?
ඩිජිටල් කරණය නොවේ ඕනේ ජනතාකරණය කරන්න. දේශපාලනීකරණය නොකර...
ජනතා අපේක්ෂාව ස්වාධීන කරන්න සේරටම කලින්...
තවත් දේශපාලුවෙක්ට ගාණක් කඩාගන්න වැඩක් වගේ.
බොරු නඩු, සුලු නඩු, අනවශ්‍ය කැළඹීම් නැවැත්තුවා නම් මෙච්චර නඩු නැහැ.
දැන් මහ ලොකුවට කියනවා බන්ධනාගාරවල කට්ටිය වැඩියි කියලා. නීති හදන අයට හෙන ගහලද? ඕවට ඉක්මණට තීරණ ගන්න. දඩේ ගෙවාගන්නත් සල්ලි නැත්නම් කරන්න ඕනේ ඇපේකට හරි එයාව එළියට දාල මාසෙ 3හරි සහන කාලයක් දීලා ඊට පස්සේ ඔය දඩ මුදල ගෙවන්න කියන එක නේද? මොවුන් ඇතුළට දාලා වැඩිවෙන කොට රොත්තක් එළියට දානවා. රටේ සල්ලි කන හැතිකරයක් පාලකයන් විදිහට ඉන්න..
වැඩිම නඩු ඉඩම් නඩුය. එම නිසා ඉඩම් පද්ධතිය ඩිජිටල් කරන්න තවද දැනට අයිතීන් සම්බන්ධව හවුල්කාරීත්ව වේ නම් යම් කාල පරාසයකදී එම කාලය ඇතුළත හවුල්කරුවන් එම ගැටලුව අධිකරණය හමුවේ නඩු දමා විසඳුමක් සොයා ගත යුතු බවට නියමයක් පනවන්න. එසේ නොමැති ඉඩම් වලට නිරවුල් බලපත්‍ර ලබාදෙන්න.