තරිඳු ජයවර්ධන
පාර්ලිමේන්තුව විසිරුවමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අනුව මහමැතිවරණය පැවැත්වීම තාවකාලිකව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණ දුන් තීන්දුවට සතුට පළ කරමින් අධිකරණය අවට පිරිස් රතිඤ්ඤා පත්තු කරති.
තරිඳු ජයවර්ධන
පාර්ලිමේන්තුව විසිරුවමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අනුව මහමැතිවරණය පැවැත්වීම තාවකාලිකව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණ දුන් තීන්දුවට සතුට පළ කරමින් අධිකරණය අවට පිරිස් රතිඤ්ඤා පත්තු කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්රජාතන්ත්රවාදයේ නාමයෙන් කලබල ඇතිකරගන්න එපා... රටේ සාමය අපි හැමෝටම ඉතාම වටිනා දෙයක්...
සෝඩා බෝතලේ කඩලා වගේ...
නියමයි. අධිකරණය හරියට තීන්දු ගන්නේ දැන්. මහින්දගේ ආණ්ඩුවේ කාලේ වගේ නෙවෙයි
පාර්ලිමේන්තුව හෙට තියනවද?
අධිකරණ තීන්දුවට ගරු කළ යුතුයි. අධිකරණයට නොමග යැවීමට තැත් කළ නීතිපතිට බලවත් විරෝධය පළ කරමු.
බහුතර මතය වුනේ මෙය ව්‍යවස්ථා විරෝධී... බල ලෝභීන්ගේ මතය වුනේ නිවැරැදි බවයි. අද ගරු අධිකරණය ස්වාධීනයි. ප්රජාතන්ත්රවාදී රටක තිබිය යුතු හොඳ ගුණාංගයක්...
ජනාධිපතිගේ තුරුම්පුවලට මොනවාද වෙන්නේ? පළමු තුරුම්පුත් අසාර්ථකයි. ඒ නිසා තමයි බහුතරය නොමැතිව පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ. දැන් දෙවැනි තුරුම්පුත් තාම කපන්න නැහැ වගේ. අවසානයේ පීචන් වෙලා ගෙදර යන්න වෙනවාමයි.
කොළඹ ඉන්නවාද රට, ජාතිය ගැන කැක්කුමක් ආදරයක් තියන මිනිස්සු? මේ රතිඤ්ඤා පත්තුකරන්නේ එජාප පාක්ෂිකයින්ය.
මේ මොකක් ගැන දැනගෙනද දන්නේ නෑ මේවා පත්තු කලේ..? අද ඔය වැනිවැනී දොඩවන කී දෙනෙක් හරියට ව්‍යවස්ථාව කියන එක කියවලා තේරුම් අරන් තියනවද දන්නේ නෑ. බොරුවට එක එකා කියවන දේවල් වලට අහුවෙලා ඒක මේක පත්තු කරන්න නෙමෙයි.. මේ රටේ මිනිස්සු ඔක්කොම මේ වෙලාවේ හරි නම් ව්‍යවස්ථාව කියන එක කියවලා තේරුම් අරන් මොකා කියන එකද හරි කියලා තේරුම් ගත්තානම් හොඳයි.., මොකද අපිට මේ ඌරු කොටුවේ ඉන්න එකෙක්වත් විශ්වාස නෑ. අනික යූ.එන්.පී කාරයෝ ටික පාර්ලිමේන්තුව විසිරෙව්වට ඔය තරම් අඬන්නේ රටට වැඩ කරන්න බැරි වූ දුකට නෙමෙයිනේ. හොරාකන්න තිබුණු කාලය අඩු වූ හා උන්ගේ විශ්‍රාම වැටුප ඇතුළු සුඛෝපභෝගි ජීවන රටාව අහිමි වූ එකට. මොවුන්ට රකින්න ඕන ප්රජාතන්ත්රවාදයක් නෑ.. ඕනෑ සැප විඳින්න විතරයි අපේ සල්ලිවලින්...