(මුදිතා දයානන්ද)
විධායක ජනාධිපතිවරයෙක් විසින් නිකුත් කළ ගැසට් පත්‍රයක් තාවකාලිකව හෝ අත්හිටුවා අධිකරණ නියෝගයක් ලැබී තිබෙන්නේ ඉතිහාසයේ පළමු වතාවට බවද එය ප්රජාතන්ත්රවාදය අගයන ජනතාව ලැබූ විශාල ජයග්‍රහණයක් බවද ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (14) පැවසීය.
ඒ මහතා මේ බව පැවසුයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදීය.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට ගත් ක්‍රියාමාර්ගය ව්‍යවස්ථා විරෝධී බවට ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ හා සංවිධාන ගණනාවක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කළ බවද ඒවා සැලකිල්ලට ගෙන අධිකරණය අදාළ ගැසට් පත්‍රය තාවකාලිකව අත්හිටුවා නඩුව විභාගයයට ගැනීමට තීරණය කර ඇති බවද ඔහු පැවසීය.
බැලූ බැල්මට ජනාධිපතිවරයා කළ කටයුත්ත නීත්‍යානුකූල යැයි හැගුණේ නම් හෝ ඉදිරිපත් කළ පෙත්සම්වල නඩු නිමිත්තක් ඇතැයි විනිසුරු මඩුල්ලට හැගී නොගියේ නම් හෝ එලෙස ගැසට් පත්‍රය අත්හිටුවීමට තීරණයක් නොගන්නා බවද සිල්වා මහතා පැවසීය.
මේ ගැසට් පත්‍රය නිකුත් කරන්නේ විධායක ජනාධිපති වන අතර ඒ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධව බවද එවැනි ගැසට් පත්‍රයක් තාවකාලිකව හෝ අත්හිටුවීමට අධිකරණය තීරණය කිරිමෙන් ජනාධීපති සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් නීතිමය වශයෙන් අභියෝගයට ලක්කළ හැකි කරුණක් තිබෙන බව පැහැදිලි වන බවද මේ තීන්දුව ප්රජාතන්ත්රවාදය සම්බන්ධයෙන් යම් බලාපොරොත්තුවක් තබාගැනීමට ජනතාවට දෙන ඉඟියක් බවද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිකරණය විසින් කරනුයේ පාර්ලිමේන්තුවෙන් සම්මත කරගත් පොතක ඇති නීතිය ක්‍රියාත්මක කිරීම මිස යුක්තිය පසිඳලීම නොවන බව තේරුම් ගැනීමට නම් මහා මැතිවරණයක් ඉල්ලනු. නියම ප්රජාතන්ත්රවාදය නම් රටේ ඡන්දය හිමි ජනතාවගෙන් බහුතරයක් වූ 52% හෙවත් හැට පන්ලක්ෂයකගේ වර්තමාන ජනතා මතයට ගරු කිරීමයි.
මොන එකකටද එහෙනම් කොළඹ ඇව්ත් වට කරලා උද්ඝෝෂණය කලේ ආණ්ඩුව ගෙදර යවන්න කියලා. ගෙදර යවන්න හදපුවම දැන් උසාවි යනවා කාගේ ඔඩොක්කුවේද ඉන්නේ කියල දැන් තේරෙනවා.
මා ඔබතුමන්ලාගේ දේ නිතර විවේචනය කළ කෙනෙක්. ඒත් මේ අවස්ථාවේදී ඔබ පක්ෂය රටේ ප්රජාතන්ත්රවාදී බව රැකගැනීමට සිදුකළ මෙහෙයට අනේක වාරයක් ස්තුතියි. ඔබ පක්ෂයට සුබ අනාගතයක් වේවා..! ඔබතුමන්ලා කී සේම මේ තීන්දුව ජනතා ජයක්...
රුවන්-අමිල දුකද? පව් ඔයාලා.
හරියට නඩු තීන්දුව දීලා වගේ නේද ...? අනේ මන්දා මම මෙ දැක්කමයි නඩුවක් අහන්න පටන් ගත්ත කියන කොටම දිනුම් කියලා සමරනවා. මේවත් නිකන් අධිකරණයට අපහස කිරීම්ද?.... මන්දා බැරි වෙලාවත් 7 වෙනිදා තීන්දුව ජනාධිපති හරි වුනොත් මේ අය කොහොම හැසිරේවිද කියලා හිතාගන්න අමාරුයි.
සිරා ඇදලා තියෙන්නේ ආසි නෙමේ ජෝකර්... අනේ සිරෝ රට ආරාජික නොකර ගෙදර යන්න. ශ්‍රීලංකා නිදහස් පක්ෂයත් කෑවා. රටත් කෑවා.
ඡන්දෙ කල් දාන එක ප්රජාතන්ත්රවාදය වෙන්නේ කොහොමද? ඒක නීති ප්‍රශ්නයක් විතරයි. වැරදි වචන භාවිතාකරන්නේ වාසියට...
ඒක ජනතාවගේ ජයග්‍රහණයක් වෙන්න පුලුවන්.. නමුත් කණගාටුවෙන් වුනත් කියන්න වෙනවා. ඔබතුමාලගේ අවසානය... ජනතා විමුක්ති පෙරමුණට අබ සරණයි!!!.
මේක ජනතා ජයක් වෙන්නේ කොහොමද? ජනතාවට මේ ආණ්ඩුව එපා වෙලා තියෙන්නේ. ජවිපය මේ පාරනම් ඇනගත්තා.