IMG-LOGO

අධිකරණ ඇමතිගෙන් කතානායකට යෝජනාවක්.

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

පවතින මැතිවරණ ක්‍රමයන් අනුව මැතිවරණ සඳහා මහජන මුදල් විශාල වශයෙන් වැයවන හෙයින් පාර්ලිමේන්තුව,පළාත් සභා සහ පළාත් පාලන ආයතනවලට මහජන නියෝජිතයන් තෝරා පත් කර ගැනීමට සුදුසු මැතිවරණ ක්‍රමයක් සොයා බලා වාර්තා කිරීම සහ නිර්දේශ කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි ඉල්ලීම් කෙරෙන යෝජනාවක් අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ඊයේ (26) බාරදෙනු ලැබීය.

කතානායකවරයා විසින් මෙම කාරක සභාවේ සභාපතිවරයා සහ සාමාජික මන්ත්‍රීවරුන් නම් කරනු ලැබිය යුතු බවත් එහි සාමාජික මන්ත්‍රීවරුන් විසි එක් දෙනෙකුට නොවැඩි විය යුතු බවත් අධිකරණ අමාත්‍යවරයා බාරදුන් එම යෝජනාවේ සඳහන් වේ.

කාරක සභාවේ සහාය පිණිස විශේෂ දැනුමක් ඇති පුද්ගලයන්ගේ සහ ප්‍රවීණයන්ගේ සේවය ලබා ගැනීමටද කාරක සභාවේ වාර්තාව එහි පළමු රැස්වීම් දිනයේ සිට මාස හයක කාලයක් හෝ පාර්ලිමේන්තුව විසින් දීර්ඝ කරනු ලබන එවැනි කාලපරිච්ඡේදයක් තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවටද ඔහු යෝජනා කළේය.



අදහස් (7)

අධිකරණ ඇමතිගෙන් කතානායකට යෝජනාවක්.

Perera Thursday, 27 October 2022 08:44 AM

ඔච්චර වාද වෙන්න ඕනේ නැහැ.බොහොම සරලයි .මැතිවරණ පවත්වන්න සල්ලි නැහැ කියලා ඒවා කල් දදා ඉන්න සල්ලි ලැබෙනකම්

:       1       9

thusharaThursday, 27 October 2022 11:36 AM

කල් දාන්නෙ සල්ලි නැති නිසා නෙවෙයි, ලැබෙන්න චන්ද නැති නිසා

:       0       11

PereraThursday, 27 October 2022 02:50 PM

එහෙම කියලා චන්ද කල් දාන්න පුලුවන්ද මුන්ට ?

:       0       1

fairoos Thursday, 27 October 2022 01:30 PM

සල්ලි තිබ්බත් ඔයාල දැන්නම් මැතිවරණයකට නොයා ඉන්න එක ඇගට හොඳයි

:       0       0

Hafeel Thursday, 27 October 2022 02:02 PM

මේ ආණ්ඩුවත් ගෞටාබයගේ ආණ්ඩුව වගේම මුදල් අච්චු ගහල නේ වියදම් කලෙත්. ඒ නිසා මුදල් අච්චු ගහල හරි චන්දය තියල ජනතාව කැමති ආණ්ඩුවක් පත් කරගන්න ඉඩ සලසන්න. ඒ කියන්නේ දැන් ඉන්නේ ජනවරමක් නැති ජනාධිපති සහ 69 ලක්ෂය චන්ද ගත්ත ගෞටාබයත් රටින් පැනල ගියා සහ වත්මන් ආණ්ඩුවත් එක එක කල්ලිවලට බෙදිලා.

:       0       2

Athula Friday, 28 October 2022 12:28 AM

ඇයි උඹලා යන්න බය නිසාද ? දැන්ද මතක් වුනේ තොපි හොරකම් කරපු ධනය එක්ක මේවා දුවිල්ලක් තරම් වත් නැහැ

:       0       0

Chamendra Friday, 28 October 2022 03:11 PM

පාර්ලිමේන්තු මැතිවරණයක් මිනිස්සුන්ට අවශ්‍යයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 145 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 66 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site