(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
පවතින මැතිවරණ ක්‍රමයන් අනුව මැතිවරණ සඳහා මහජන මුදල් විශාල වශයෙන් වැයවන හෙයින් පාර්ලිමේන්තුව,පළාත් සභා සහ පළාත් පාලන ආයතනවලට මහජන නියෝජිතයන් තෝරා පත් කර ගැනීමට සුදුසු මැතිවරණ ක්‍රමයක් සොයා බලා වාර්තා කිරීම සහ නිර්දේශ කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි ඉල්ලීම් කෙරෙන යෝජනාවක් අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ඊයේ (26) බාරදෙනු ලැබීය.
කතානායකවරයා විසින් මෙම කාරක සභාවේ සභාපතිවරයා සහ සාමාජික මන්ත්‍රීවරුන් නම් කරනු ලැබිය යුතු බවත් එහි සාමාජික මන්ත්‍රීවරුන් විසි එක් දෙනෙකුට නොවැඩි විය යුතු බවත් අධිකරණ අමාත්‍යවරයා බාරදුන් එම යෝජනාවේ සඳහන් වේ.
කාරක සභාවේ සහාය පිණිස විශේෂ දැනුමක් ඇති පුද්ගලයන්ගේ සහ ප්‍රවීණයන්ගේ සේවය ලබා ගැනීමටද කාරක සභාවේ වාර්තාව එහි පළමු රැස්වීම් දිනයේ සිට මාස හයක කාලයක් හෝ පාර්ලිමේන්තුව විසින් දීර්ඝ කරනු ලබන එවැනි කාලපරිච්ඡේදයක් තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවටද ඔහු යෝජනා කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔච්චර වාද වෙන්න ඕනේ නැහැ.බොහොම සරලයි .මැතිවරණ පවත්වන්න සල්ලි නැහැ කියලා ඒවා කල් දදා ඉන්න සල්ලි ලැබෙනකම්
සල්ලි තිබ්බත් ඔයාල දැන්නම් මැතිවරණයකට නොයා ඉන්න එක ඇගට හොඳයි
මේ ආණ්ඩුවත් ගෞටාබයගේ ආණ්ඩුව වගේම මුදල් අච්චු ගහල නේ වියදම් කලෙත්. ඒ නිසා මුදල් අච්චු ගහල හරි චන්දය තියල ජනතාව කැමති ආණ්ඩුවක් පත් කරගන්න ඉඩ සලසන්න. ඒ කියන්නේ දැන් ඉන්නේ ජනවරමක් නැති ජනාධිපති සහ 69 ලක්ෂය චන්ද ගත්ත ගෞටාබයත් රටින් පැනල ගියා සහ වත්මන් ආණ්ඩුවත් එක එක කල්ලිවලට බෙදිලා.
ඇයි උඹලා යන්න බය නිසාද ? දැන්ද මතක් වුනේ තොපි හොරකම් කරපු ධනය එක්ක මේවා දුවිල්ලක් තරම් වත් නැහැ
පාර්ලිමේන්තු මැතිවරණයක් මිනිස්සුන්ට අවශ්‍යයි...