නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොලොන්රුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසසි.

ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි. 

සෙසු ප්‍රදේශවල පස්වරු 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර රත්නපුර,කළුතර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මිටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි. 

උතුරු සහ වයඹ පළාත්වලත් මාතලේ ත්‍රිකුණාමලය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලට විටින් විට තරමක තද සුළං ඇති විය හැකියි.