(ඩයනා උදයංගනී)
කොරෝනා මරණ 21 අද වර්තා වෙයි. මෙයින් මරණ 20 මැයි 11 සහ 16 අතර කාලයේ වාර්තා වී ඇති අතර 21 වැනි මරණය පෙබරවාරි හත් වැනි දා වාර්තා වුවකි. එම මරණය ප්‍රමාද වී වාර්තා වි ඇත.
මුළු මරණ සංඛ්‍යාව 962 දක්වා ඉහළ ගියේය.
ඒ අනුව ඉමදූවේ 65 හැවිරිදි පුද්ගලයෙක්,මුරුත්තගහමුල 72 හැවිරිදි පුද්ගලයෙක්,අනුරාධපුර 58 හැවිරිදි පුද්ගලයෙක්, මොරටුවේ 68 හැවිරිදි පුද්ගලයෙක්, මීරිගම 70 හැවිරිදි පුද්ගලයෙක්,ඉංගිරියේ 69 හැවිරිදි කාන්තාවක්,බුලත්සිංහල 72 හැවිරිදි පුද්ගලයෙක්, නෑබොඩ 60 පුද්ගලයෙක්, බදුල්ලේ 37 හැවිරිදි පුද්ගලයෙක්,ගෙලිඔය 60 හැවිරිදි පුද්ගලයෙක්,යාපනයේ 60 හැවිරිදි කාන්තාවක්,හඳපාන්ගොඩ 67 හැවිරදි පුද්ගලයෙක්,හබරාදූවේ 77 හැවිරිදි කාන්තවක්,ඇඹිලිපිටියේ 83 හැවිරිදි පුද්ගලයෙක්,නාකියාදෙණිය 52 හැවිරිද කාන්තාවක්,ගාල්ලේ 69 හැවිරිදි පුරුෂයෙක්,කඩවත 56 හැවිරදි පුද්ගලයෙක්,හාලිැඅළ 56 හැවිරිදි පුරුෂයෙක්,මහියාවේ 57 පුරුෂයෙක්,දකුණු කළුතර 75 කාන්තාවක්, ගාල්ලේ 81 කාන්තාවක් මියගිය අය අතර වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
COVID 19 වෛරසය ලංකාව සහ ආසියානු කලාපයේ සීග්‍රයෙන් පැතිර යමින් තිබියදී ලංකාවේ ක්‍රිකට් කණඩායම විදේශ ගත වීම කණගාටුවට කරුණකි. ක්‍රීඩකයන් හට එන්නත් ලබා දුන්නද එන්නත ලබාගැනීම සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය නොකිරීමට හේතුවක් නොවේ. ඉතාම අඩු ප්‍රමාණයකට එන්නත් ලබා දුන්නද අති බහුතරයක් මෙතෙක් එන්නත් ලැබී නැත. එන්නත් ලැබෙන දිනය හෝ කිසිවකුට නිවැරදිව කිව නොහැක. ක්‍රීඩා ඇමතිවරයා හෝ එහි නිලධාරීන් අවධානම් අවස්ථාවක ක්‍රීඩකයන් තරග සදහා විදේශ ගත කිරීමට ලබාදුන් අනුමැතිය සහ ක්‍රීඩකයන් විදේශ ගතවීම ඉදිරියේදී ප්‍රශ්න ගණනාවකට ඇමතිවරයාට සහ නිලධාරීන්ට පිළිතුරු ලබාදීමට සිදුවනු ඇත