(ඩයනා උදයංගනී)

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත්, ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවන වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

උතුරු, නැගෙනහිර පළාත්වලත්, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේද වැසි ඇති වන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ඇති විය හැකි බැවින් අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්ත‍මේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.