(යොහාන් භාසුර)
ජාතික විදුලි පද්ධතියේ ධාරිතාවේ ඌනතාව හේතුවෙන් අද (18) පස්වරුවේ සිට දිවයින පුරා පැයයි විනාඩි 45 ක් කාලයක් අවස්ථා දෙකකදී විදුලිය විසන්ධි කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
සමස්ත ශ්‍රී ලංකාව කාණ්ඩ හතරක් යටතේ අද පස්වරු 2.30 සිට 6.30 දක්වා පැයක කාලයක් ද, පස්වරු 6.30 සිට රාත්‍රී 10.30 දක්වා විනාඩි 45 ක කාලයක් ද, විදුලි සැපයුම කප්පාදු කරන බවත් ඉන්ධන නොමැති වීම නිසා විදුලි ජනන යන්ත්‍ර කීපයක් අක්‍රීය වීම මෙම තත්වයට හේතුව බවත් රත්නායක මහතා සඳහන් කළේය.
විදුලි ජනන යන්ත්‍ර කීපයක් අක්‍රීය වීමෙන් මෙගාවොට් 600 කට වැඩි ප්‍රමාණයක් අද රාත්‍රී වන විට ජාතික විදුලි පද්ධතියට අහිමිවන නිසා මෙම තත්වය ඇති වූ බව කී රත්නායක මහතා අද විදුලි ඉල්ලුම අනපේක්‍ෂිත ලෙස මොගාවොට් 2,650 ක් බවට පත්ව ඇති බව ද සඳහන් කළේය.
එළඹෙන සති අන්තයේ විදුලි ඉල්ලුම පිළිබඳව ඉහළ නොයනු ඇති බව විශ්වාස කරන බවත් ලබන සතිය පිළිබඳව නැවත සළකා බැලිය යුතු බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පණ්ඩිත කතා තමයි කියන්නේ... ඊයේ කියා සිටියේ තව මාස 4 කටවත් විදුලිය කප්පාදු නොකරන බවයි. මේ කප්පාදුව උසස්පෙළ විභාගයට පෙනීසිටින දරුවන්ට ඔහුගෙන් ලැබෙන ත්‍යාගයයි.
හරියට වෙලාවක් කියලා කපනවා නම් ලොකු දෙයක්...