
(අංජුල මහික වීරරත්න)
අද රාත්‍රියේ ලංකාවාසීන්ට ඉතා විරල පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැක ගැනීමේ අවස්ථාව ලැබෙන බව ආතල් සී.ක්ලාක් ආයතනයේ ප්‍රධානී මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.
ලෝක ජනතාවගෙන් සියයට අසූපහකට මෙම චන්ද්‍රග්‍රහණය දිස්වන බවද චන්දන ජයරත්න මහතා කීය.
සූර්යයා සහ චන්ද්‍රයා අතරට පෘථිවිය පැමිණීම චන්ද්‍රග්‍රහණයක් ලෙස දිස්වන බව බව කී චන්දන ජයරත්න මහතා පෘථිවියේ සෙවනැල්ල චන්ද්‍රයා මතුපිට වැටීමෙන් චන්ද්‍රග්‍රහණයක් දැක ගැනීමට අවස්ථාව ලැබෙන බව සඳහන් කළේය.
අද(7)රාත්‍රී 9.57 සිට චන්ද්‍රග්‍රහණය හොඳින්ම දැක ගැනීමට ලැබෙන බව කී මහාචාර්යවරයා රාත්‍රී 11.01 සිට 12.22 දක්වා චන්ද්‍රයා සම්පූර්ණයෙන්ම කළු පැහැයෙන් පෙනෙන බව සඳහන් කළේය.
චන්ද්‍රග්‍රහණය දැකගත හැකි ඉතාම හොඳ අවස්ථාව හෙවත් ග්‍රහණ මධ්‍ය පස්වරු 11.42 ට යෙදී තිබේ.
මීට වසර තිහකට පමණ පෙර චන්ද්‍රග්‍රහණ අවස්ථාවකදී චන්ද්‍රයා කළු පැහැයෙන් දිස් වුවද මෑත කාලයේ පවතින අධික වායු දූෂණ නිසා චන්ද්‍රයා රතු පැහැයෙන් දිස්වන බව මහාචාර්ය ජයරත්න මහතා කීය.එම නිසා මෙම චන්ද්‍රග්‍රහණය Blood Moon හෙවත් "ලෝහිත චන්ද්‍රයා" ලෙස හඳුන්වන බවද මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවැසීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1968										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1546										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 541										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අද රෑ ලේ පාට සඳක් පායයි
ගුණරත්න Sunday, 07 September 2025 10:41 AM
නපුරු ලකුණක්. කාලකන්ණි පාණ්ඩුව මිනිස්සුන්ගේ ලේ රස බලන්න හදනවා වෙන්න ඕන.