
(ඩයනා උදයංගනී)
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (16) වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු පළාතේ උදෑසන කාලයේ මද වැසි ඇතිවන අතර සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක් පවතින බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරුමැද, වයඹ සහ දකුණු පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 40 පමණ දක්වා වැඩිවිය හැකි බව ද හෙතෙම පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකය මැවූ කෙනෙකු ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිට කෝටි දාහ දෙනවා වගේ වැස්ස බෙදීමට තීරණය කළාලු. එන්න කිව්වම එක් එක් පළාත් බාර දෙවිවරුන් ගියත් සබරගමුවේ දෙවියන් ගියේ නැතිලු. පමාවෙලා ගියාම කිව්වලු බෙදලා ඉවරයි ගත්තු අයගෙන් ටිකක් ඉල්ලා ගන්න කියලා ඉතින් සියලු දෙනාගෙන් වැස්ස ලබුණු සබරගමුවේ ජනතාව වැඩි කලක් වැස්සෙන් පීඩා විඳිනවා. මාර්තු මාසයේ පටන්ගත් වැස්ස කඩින්කඩ හෝ මේ වනවිටත් තියෙනවා.