IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


අතහැර දැමු ගමන් මල්ලකින් කුෂ් තොගයක්

( ටී.කේ.ජී.කපිල )                 

රුපියල් විසි කෝටි අනූ ලක්ෂයක් වටිනා " කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් , කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ගමන් මලු පථයක් අසළ අත්හැහැරදැමූ ගමන් මල්ලක් තුළ තිබී, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට අනුයුක්තව සේවය කරන '' මැක්ස් " (Max ) නැමති නිල සුනඛයා විසින් සොයා ගැනීමෙන් පසු එම ගමන් මල්ල රැගෙන ආ ගුවන් මගියා ද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අද (6)  අත්අඩංගුවට ගනු ලැබීය.                   ‍

මෙම මත්ද්‍රව්‍යය තොගය සමග වූ ගමන් මල්ල ඉකුත් 28 දින උදෑසන 09.45 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණ තිබුණි .                 

මෙම ගමන් මල්ලේ හිමිකරු ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකු වන අතර අද  දින ඔහු කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ රැදී සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ .             

මෙම ගමන් මල්ල තුළ '' කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 20 යි ග්‍රෑම් 900 ක් ඇසුරුම් 19 ක් ලෙස සකස් කර සගවා ගෙන තිබී ඇත .                   

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් මෙම ගුවන් මගියා සහ " කුෂ්" මත්ද්‍රව්‍ය තොගය හෙට (7) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .



අදහස් (1)

අතහැර දැමු ගමන් මල්ලකින් කුෂ් තොගයක්

උකුස්සා Saturday, 06 September 2025 09:23 PM

මල්වානේ ගේ මතක් උනා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1968 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1545 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site