(ඩයනා උදයංගනී)

ඉදිරි මාස හතරක වියදම් වෙනුවෙන් මුදල් වෙන්කරගැනීමේ අතුරු සම්මත ගිණුම අග්‍රමාත්‍ය හා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (27) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ලබන සැප්තැම්බර් 01 වැනදා සිට 2020 වර්ෂයට අදාල අයවැය සම්මත වන තුරු කාලය සඳහා රුපියල් බිලියන 1300 කට නොවැඩි මුදලක් වියදම් සඳහා දැරීමට අනුමැතිය ඉල්ලා සිටිමින් රජය විසින් මෙය ඉදිරිපත් කර තිබේ.

අතුරු සම්මත ගිණුම පිළිබඳ විවාදය  අද  (27) සහ  හෙට (28) පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.