(නිමන්ති රණසිංහ)
බොරැල්ල සියළු සාන්තුවරයන්ගේ දේවස්ථානය ට ජීව අත්බෝම්බයක් තැබීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙකු අද (01) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ රහස් ප්‍රකාශයක් ලබා දුන්නේය.
බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරු අධිකරණය හමුවේ පැයකට ආසන්න කාලයක් සිය රහස් ප්‍රකාශය ලබා දුන්නේ ය.
රැඳවුම් නියෝග මත තම කොට්ඨාශයේ රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටින මෙම සැකකරුට අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 127 වන වගන්තිය ප්‍රකාරව අධිකරණය හමුවේ ප්‍රකාශයක් ලබාදීමට අවශ්‍ය බැව් සඳහන් කළ බව කොළඹ අපරාධ කොට්ඨාශය කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව මෙම සැකකරු මහෙස්ත්‍රාත්වරියගේ නිල කාමරයේදී පැයකට ආසන්න කාලයක් සිද්ධිය සම්බන්ධයෙන් සිය ප්‍රකාශය ලබා දුන්නේය .
මෙම සිද්ධියට අදාළ පිළියන්දල ප්‍රදේශයේ සැකකාර වෛද්‍යවරයාට අත්බෝම්බය ලබා දුන් බවට හඳුනාගෙන ඇත්තේ මෙම සිව් වැනි සැකකරු බව ද කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දැනුම් දී ඇත.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
අත්බෝම්බයක් තැබීමේ සිද්ධියේ සැකකරුවකුගෙන් රහස් ප්‍රකාශයක්