
( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව පි සි ආර් පරීක්ෂණ වලට ඉදිරිපත් නොවීමෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයක් හටගෙන ඇතැයි බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපති දේවේන්ද්‍ර පෙරේරා මහතා පැවසීය
ඒ මහතා එසේ පැවසුවේ හුදෙකලා කරන ලද අටුලුගම ඇතුළු ග්‍රාම සේවා වසම් වල බහුතරයක් මුස්ලිම් ජනයා පි සි ආර් පරීක්ෂණ වලට ඉදිරිපත් නොවීම සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වමිනී.
කුඩා ඉඩ ප්‍රමාණයක ඉතා විශාල ප්‍රමාණයක ජනතාවක් වෙසෙන අටුලුගම ප්‍රදේශයෙන් පසුගිය දින කීපය තුළ විශාල වශයෙන් කොරොනා රෝගීන් හමු වෙන්න පටන් ගත්තා .
අද වන විට හුදෙකලා කරන ලද එම ග්‍රාම සේවා වසම් වලින් රෝගීන් 143 දෙනකු හමුවෙලා තියෙනවා .එම ජනතාව එම ගැටලුවෙන් මුදා ගන්නට නම් කරන්න දෙන එකම දේ තමයි සෞඛ්‍ය උපදෙස් නිසි අයුරින් පිළිපැදීම ,වගේම පි සි ආර් පරීක්ෂණ වලට ඉදිරිපත් වීම . නමුත් අද වන විට ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශවලට දැඩි අර්බුදයක් බවට පත්වෙලා. අටුලුගම ප්‍රදේශයේ සහෝදර මුස්ලිම් ජනතාව පි සි ආර් පරීක්ෂණ වලට ඉදිරිපත් නොවීම හේතුව .
අටුලුගම ප්‍රදේශයේ මුස්ලිම් නායකයින් අදට වඩා මීට වැඩි උනන්දුවක් දක්වලා තමන්ගේ සහෝදර මුස්ලිම් ජනතාව පි සි අර් පරීක්ෂණ සඳහා යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා .
අටුලුගම ගම මැද්දේ වෙනම පි සි ආර් කණ්ඩායම් පැමිණිලා නිරන්තරයෙන් දිනපතාම මේ කටයුතු ඉතා හොඳින් කරන්න දැඩි කැපවීමක් කරනවා.
උදාහරණයක් හැටියට ඊයේ 25 බණ්ඩාරගම නගරයේ ව්‍යාපාරික ප්‍රජාවෙන් කරන ලද ආරාධනාවක් අනුව දෙසියයකට ආසන්න ප්‍රමාණයක් පි සි ආර් පරීක්ෂණ වලට සහභාගි වුණා .නමුත් අටුලුගම ජනතාව එම ප්‍රදේශයේ තිබූ පි සි ආර් පරීක්ෂණවලට පැමිණියේ තිබුණේ 16 දෙනයි .
මේක විශාල ගැටලුවක් බවට පත්වෙලා තියෙනවා මේ කොරෝනා වසංගතය අටලුගම ට පමණක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි මේක මුළු රටටම වසංගතයක් වෙලා .මේ තත්ත්වය දිගින් දිගටම මේ ආකාරයෙන් පැවතිය මේ වසංගතය අටුලුගම ට විතරක් නොවේ රටටම වසංගතයක් වෙන්න පුළුවන් .මම ඉතා ඕනෑකමින් අටුලුගම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා
පි සි ආර් පරීක්ෂණ වලට ඉදිරිපත් වී සෞඛ්‍ය අංශවලට ආරක්ෂක අංශ වලට අටුලුගම ජනතාව මේ වසංගතයෙන් මුදවා ගන්න ,මේ රට මේ වසංගතය මුදවා ගන්න පි සි ආර් පරීක්ෂණ වලට ඉදිරිපත් වෙලා තම ආදරණීය මුස්ලිම් ජනතාව මුදා ගන්න කියලා .ඒවගේම මම එම ප්‍රදේශයේ පල්ලිවල නායකයන් ගෙනුත් ඒ වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
භූමදාන කිරීමට අවසර දෙන්න කියලා මම ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා..
මේ මුස්ලිම් ජාතියේ හැටියක්. මෙල්ල කරන්න එස් ටී එෆ් යොදවන්න. නැත්තම් ඔහොම ඉන්න අරින්න.
භූමදානය නෙවෙයි වැදගත් වන්නේ ජීවත්වෙලා ඉන්න මිනිස්සුන්ගේ ජීවිත..
අනෙකුත් ගම් බේරගන්න සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් කරලා දාන්න.
මට මුස්ලිම් යාලුවො විශාල පිරිසක් ඉන්නවා. මම හිතන්නේ නැහැ ඔවුන් කවුරුවත් මේ විදිහට භූමදානය කරන්න වෙනම අයිතිවාසිකම් ඉල්ලයි කියලා. මේ වගේ ලෝක වසංගතක් වෙලාවේ මිනිස්සු මැරෙන්නේ ජාතිය ආගම බලලා නෙමෙයි. එහෙම වෙලාවකත් තමන්ගේ ජාතියට විශේෂ සැලකිල්ලක් ඉල්ලනවා නම් ඔවුන් ඇත්තටම ලැජ්ජා විය යුතුයි. රටක ජාතීන් අනුව වෙනවෙනම නීති කිසිවිටකත් තිබිය යුතුයි .
මොලේ අවුල් වගේ...!!!
අනිවාර්යයෙන්ම PCR පරීක්ෂණවලට මුහුණ දෙන්න ඕනෑ. මොකද PCR පරීක්ෂණවලට මුහුණ දුන්නේ නැත්නම්, එ් අයටම තමයි ගොඩක් පාඩු... නමුත්, මේ ප්‍රශ්නයට මුල භූමදානය තමයි. මොකද වෙන රටවල්වල මේ තත්ත්වයට මුස්ලිම් ජනතාවට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ නෑ. මුස්ලිම් ජාතිකයන් ජීවත් වෙන්නවත්, මැරෙන්නවත් බය නෑ.
මිනිස්සුන්ගේ හිත්වල ඔය PCR පරීක්ෂණය ගැන (විශේසයෙන් මුස්ලිම් ජනයා) විශ්වාසය බිඳවැටිලා..
ලිබියාවට ඉරාකයට ගහනකොට ඔය මානව හිමිකම් සංවිධාන කොහෙද හිටියේ? එතකොට ඔය මානව හිමිකම් සංවිධාන ඇමරිකාවට එරෙහිව මෙහෙ සිකුරාදා පල්ලි ඉවර වෙලා උද්ඝෝෂණය කරද්දී ඒ සංවිධාන හොඳ නැහැ. හැබැයි තමන්ගේ වාසියට තියෙන දේවල් ලස්සනට ගලපගන්නවා. ලංකාවේ භූ විද්‍යා අංශයෙන් පැහැදිලිව කියනවා ලංකාවේ පසේ තත්ත්වය එක්ක කිසිසේත් භූමදානය නොකළ යුතුයි. ආයේ කතා කරන්න දෙයක් නැහැ.
ජන වර්ධනයට නීති ගෙනාවේ නැත්නන් ඊළඟ පරපුරට ජීවත් වෙන්න වෙන්නේ මේ වගේ අන්තවාදීන් පාලනය කරන රටක...
හිතවත් මොලේ අමාරුව ඇති මුස්ලිම් ජනතාවනි, (එසේ නැති අය කලබල නොවන්න/මා ජාතිවාදියෙක් නොවේ) අනිත් රටවල කල පමණින් අපි ඒ දෙය කල යුතු නොවෙමු. එසේම, ලංකාවේ මෙන්ම අනිත් රටවලත් අවස්ථාවාදී දේශපාලකයන් සිටින බව අමතක නොකරන්න. අනිත් රටවල කරන කරන දේ ඔබටත් කිරීමට අවශ්‍ය නම් ඒ රටකට ගිහින් ඒක කරගන්න. මේ තත්වය ඔබට පමණක් බලපාන තත්වයක් නොවන බව තේරුම් ගන්න.
දැන් නීති හැදුවා නේද කොරෝනා හංගගෙන ඉන්න මිනිසුන්ගේ... දේපල රාජසන්තක කරනවා කියලා. මේ නීතිය අටලුගමට නැද්ද? නැත්නම් සිංහලයින්ට විතරද මේ නීතිය ගෙනාවේ. ඒ නීතිය හැමෝටම පොදු නම් ඔවුන් පසුපස නොයා ඔවුන්ගේ සියළු දේපල රාජසන්තක කරන්න. එතකොට නිකන්ම එළියට එයි. ඇවිත් PCR විතරක් නෙමේ. මැරුණාට පස්සේ නිකන්ම ආදාහනයත් කර ගනී.
ඕක සිම්පල් වැඩක්නෙ. ඔය අටලුගමටත් රතුපස්වලට වගේ වතුර දෙන්න කිව්ව නම් සර් සුටුස් ගාලා ප්‍රශ්නෙ විසඳලා දෙයි. ආරක්ෂක ලේකම්තුමා මම හිතන්නේ වැඩිවිය පැමිණිලා නිසා වගේ දෙයක් නිසා එළියට එන්නේ නෑ. ඊයෙ අලුතින් පත්වීම් දුන්නු කෙනා වුණත් සර් කිව්වොත් වැඩේ ගොඩ දාලා දෙයි. වෛරස් එක්ක බෑ කිව්වට සර්ට යුද්ධ කරන්න පුලුවන් කිව්වානේ...
සැම ආගමක් සමගම බැඳුණු මිථ්‍යා මත හා විශ්වාස තියෙනවා. එම දේවල්වල වාසිය ආගමික නායකයින්ට හා දේශපාලන නායකයින්ටයි. මෑතකදී හාමුදුරුවෝ නමක් ධර්ම දේශනාවකදී කිව්වා විශාඛාවගේ මිණිබිරියක් මිය ගිය කතාව... සියලුම මරණයේ කටයුතු අවසන් කර බුදුන් හමුවට ගියත් ඒ ගැන කිසිවක් නොකියා නිශ්ශබ්දව හිටියා. මෙයින් පෙනී යන්නේ පාංශුකූලය කියන්නේ අපි හදාගත් දෙයක් බව නේද?
ඒක විශේෂ ප්‍රදේශයක්, බයික් වල යන්න හෙල්මට් ඕන නෑ. පිට වාහනයක් නම් පාර ඉඩ දෙන්නේ නෑ. දැක්කනේ පසුගිය දවස් වල මත්ද්‍රව්‍ය අල්ලන්න ගිය නිලධාරීන් ට දුන්නු දීම....