
( සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වීමෙන් ඇති වූ පුරප්පාඩුවට පත් කෙරුණු අජිත් මාන්නප්පෙරුම මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (09) සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේය.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 05 අනුව එහි මහලේකම් ධම්මික දසනායක මහතා ඉදිරියේ දී මන්ත්‍රී නාම ලේඛනයේ අත්සන් තැබීය.
රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වීමත් සමඟ ඇති වූ පුරප්පාඩූව සඳහා මාන්නප්පෙරුම මහතා පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මානප්පෙරුම මහතාගේ නම සඳහන් අති විශේෂ ගැසට් පත්‍රය ඊයේ ( 8) නිකුත් කෙරුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊයේ රංජා වෙනුවෙන් පෙනීසිටි අය අද මොහුවෙනුවෙන් ප්‍රීති ඝෝෂා නගනවද?
හොද මිනිහෙක් පාර්ලිමේන්තුවට යන එක ගැන සන්තෝෂයි.
එක දවසක් ප්‍රමාද නැහැ. කෝ රංජන් වෙනුවෙන් කෑ ගහපු අය. නිකං බොරු සෝභන . අපිට පෙන්නන්නද?
දවස් දෙකක් මහජන මුදල් කාබාසිනියා කරලා ශෝ දාලා අද දිවුරුම් දෙනකොට මීක් සද්දයක් නැහැ. මේ ඔක්කොම අපි ගොන්නු කියලා හිතන්නේ. කොහොම හරි මෙයාට පරන පිනක් හිසේ කඩා වැටිලා. ලැයිස්තුවේ යට ඉන්න කෙනා බලන් ඉන්නේ උඩ ඉන්න කෙනා මැරෙනකල්...
රංජන්ටයි, අජිත්ටයි මේක ප්‍රශ්නයක් නොවේ..
මෙයා ගැන මම දන්නේ නැහැ.. අරයා හිරෙටම කැප වුණු එක සතුටක්...