(අංජුල මහික වීරරත්න)
ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර ලෝක ආර්ථික සමුළුවේ (World Economic Forum) වාර්ෂික හමුවට සහභාගී වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ඇතුළු දූත පිරිස සිව් දිනක සාර්ථක නිල සංචාරයකින් අනතුරුව අද (23) පෙරවරුවේ දිවයිනට පැමිණියාය.
ජනවාරි 19 වනදා සිට 22 වනදා දක්වා පැවැති මෙම සමුළුව අතරතුර, අග්‍රාමාත්‍යවරිය ලෝකයේ ප්‍රමුඛ පෙළේ රාජ්‍ය නායකයින්, ජාත්‍යන්තර මූල්‍ය ආයතන ප්‍රධානීන් සහ ව්‍යාපාරික නායකයින් රැසක් හමු වී ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික මාවත ශක්තිමත් කර ගැනීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වූවාය. මෙම සංචාරය සඳහා කම්කරු අමාත්‍ය සහ මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඇතුළු ඉහළ පෙළේ දූත පිරිසක් එක්ව සිටියහ.
මෙම සංචාරයේ විශේෂත්වයක් ලෙස අග්‍රාමාත්‍යවරිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා සහ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසාටෝ කන්ඩා මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වමින් මෙරට මූල්‍ය ස්ථාවරත්වය තහවුරු කිරීමට අවශ්‍ය සහයෝගය පිළිබඳව අදහස් හුවමාරු කර ගත්තාය. එසේම, සිංගප්පූරු ජනාධිපති තර්මන් ෂන්මුගරත්නම් මහතා, යුරෝපීය කොමිසමේ සභාපතිනී උර්සුලා වොන් ඩර් ලේන් මෙනෙවිය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) පරිපාලක ඇලෙක්සැන්ඩර් ඩි ක්‍රෝ මහතා සමඟ පැවැති හමුවීම් හරහා ජාත්‍යන්තර සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීමටත් ශ්‍රී ලංකාව කෙරෙහි ඇති ගෝලීය විශ්වාසය තහවුරු කිරීමටත් හැකි වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd