
(අංජුල මහික වීරරත්න)
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය බීජිං ටියානන්මෙන් චතුරශ්‍රයේ මහජන වීරයන්ගේ ස්මාරකය සහ මාඕ සේතුං අනුස්මරණ ස්මාරකය වෙත උපහාර දැක්වීය.
ඊට පුෂ්පෝපහාර දැක්වූ අග්‍රාමාත්‍යවරිය චීන මහජන සමූහාණ්ඩුවේ ආරම්භක නායකයා වූ දිවංගත සභාපති මාඕ සේතුං සහ ජාතියේ විප්ලවවාදී අරගලයට ජීවිත කැප කළ වීරයන් සිහිපත් කරමින් ආචාර කළා ය.
ටියානන්මෙන් චතුරශ්‍රයේ බටහිර පෙදෙසෙහි පිහිටි මහජන මහා ශාලාවේ චාරිත්‍රානුකූල වතාවත් වලට සහභාගී වීමට පෙර, චීන මහජන සමූහාණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ නායකයින් විසින් අග්‍රාමාත්‍යවරිය පිළිගනු ලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුර දකින වැඩ නෙමේ ඕව
එතුමිය චීන වීරයෝ බලන්න ගියාට ලංකාවේ වීරයෝ බලන්න ගිහින් නැහැ, අර භික්ෂූන් අට නමක් අපවත්වුනු ව්‍යසනය වෙලේ ආණ්ඩුවෙන් කවුද ගියේ?
ජාතික පුවත්පත් පවා ඒ සියලු චීන සොල්දාදුවන් "වීරයන්" ලෙස හඳුන්වන අතර අපේම රණවිරුවන් හඳුන්වන්නේ හුදෙක් අලෙවිකරුවන් ලෙසයි. මෙය සිදු කරන ලද්දේ සියලු වර්ගවල සමානව නිෂ්ඵල NPP වහලුන් විසින් තෝරා පත් කර ගන්නා ලද ඊනියා තේරී පත් වූ නායකයින් (වැඩකට නැති සහ අමු රස්තියාදුකාරයන්) විසිනි.