(අජන්ත කුමාර අගලකඩ)
අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ඉවත් වන ලෙසට හෝ ඔහු ඉවත් කරන බවට කිසිදු දැනුම් දීමක් කර නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (28) රාත්‍රී පැවැති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
ආණ්ඩුව තුළ හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ අර්බුද ඇති කිරීමට තමාට අවශ්‍යතාවක් නැතැයි ද ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.
රටේ ඇතිව තිබෙන අර්බුදය විසඳීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ බවද,ඒ සඳහා සියලු දෙනාගේ සහාය ලබාගත යුතු බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
එම රැස්වීමේදී මැති ඇමැතිවරුන් කිහිප දෙනෙකු අතර මත ගැටුමක් ද ඇති වී තිබෙන අතර,ඒ හේතුවෙන් රැස්වීම උණුසුම් වූ බවද දැනගන්නට ඇත.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරු වැඩි දෙනෙක් ඊට සහභාගීවූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රිවස්...
මිනිස්සු කියන්නේ රාජපක්ෂ ලොක්කෝ නෑ. මකබෑ වෙන්න කියලා. නමුත් අපි දන්නවා 20%-25% ක් පොහොට්ටුවට තියෙනවා. මිනිස්සුන්ගෙන් 10%ක් වත් රාජපක්ෂලා ඕනේ කියනවා. ඔය වහල්ලු මකවලවත් හදන්න බෑ.
මෙන්න මෙයාගේ මොලේ පරීක්ෂා කරවන්න.
දැන් ඇති මහත්මයා, ඔබතුමාලා යන්න. මිනිස්සු මහ පාරේ මැරිලා වැටෙනවා පෝලිම්වල... අසාර්ථක පාලනයක් වුණත් අතඇරලා ගියොත් මිනිස්සුන්ගේ හිතේ ගෞරවයක් ඉතුරු වේවි..!
බමුණුආරච්චි වගේ ලෙඩෙක්ද? අගමැතිව එළවන්නේ නැතුව කොහොමද සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්නේ?
කොල්ලනේ, මේ දෙන්නා ඔබලාව අලකරන්නයි හිතන්නේ... මෝඩයින් කියලා හිතාගෙන... පයින් ගහලා එළවන දවස් ළඟයි කියලා මේ ගොල්ලෝ දන්නේ නැහැ..
අගමැතිට යන්න කිව්වට යන්නේ නෑ. සජිත්ට ආණ්ඩුවක් කරන්න එන්න කිව්වට එන්නෙත් නෑ.
69 යන්න කියනවා කියන්නකෝ.... එච්චරයිනේ...!
මෙයාලාටනම් විකාරම තමයි.
කියන්නේ එකක්, හිතන්නේ තව එකක්... මෙයා යුද්ධය කළා කියලා තවමත් විශ්වාස කරන අය ඉන්නවද?
ජනතාව කියන්නේ ඔබ සියලු දෙනාටම යන්න කියලා.
යන්න එපා. අපි යන්න කියන්නෙත් නෑ. පින් අත්වෙයි මේ දේ කරන්න. දිනපතා ආණ්ඩුවේ රූපවාහිනී එකෙන් විනාඩි 10ක් ආර්ථිකයට/ විදේශ ණය වලට/ IMF ගනුදෙනු ගැන/ බඩුමිල ගැන/ පොහොර ගැන/ විදුලිය සහ ඉන්ධන ගැන ජනතාව දැනුවත් කරන්න. යාවත්කාලීන කරන්න. ඒකට වගකිවයුතු අය යොදවන්න. තව කෙනෙකුට බනින්න, කට අරින්න අකැමැති, සියලු වේදනා නිහඬව දරා ගන්න මිනිස්සුත් ඉන්න බව මතක තබාගන්න...
නමුත් මේ රටේ අතිබහුතර ජනතාව ලෙස අපි කියනවා ඔබ සහ අගමැති ඉවත්ව යායුතුයි. ඔබගේ පරපුරම දේශපාලනයෙන්ම ඉවත් විය යුතුයි. මේ රට අද තුන්වේල කන්න නැති, ලෙඩකට බෙහෙතක් නැති, බඩුමිල අහස උසට ගිය රටක් කළේ ඔබ සහ ඔබේ පරපුරයි. ණය උගුලක රට හිරකළේ කවුද? දෙයියන්ගේ නාමෙන් යන දේවාලෙක යන්න මේ රට තවත් විනාශ නොකර...
එක එක වෙලාවට එක එක දේවල් කියවනවා.
අවුලක් නැහැ. මුළු රටම දෙන්නටම යන්න කියලනේ තියෙන්නේ.
අගමැති විතරක් නෙවෙයි, රාජපක්ෂ නඩයටමයි යන්න කියන්නේ. රටේ සම්පත් සොරාගෙන ඒවා තමතමන්ගේ පුද්ගලික ගිණුම්වලට ගොඩගසාගනිමින් රටේ ජනතාවට අපාදුක් ගෙනදුන් මේ හොර කණ්ඩායම රටින් පිටුවහල් කළ යුතුමයි.
යන්නේ කොහොමද? රටට කරපු විනාසේ හැටියට යන්න බය ඇති. මුලුරටම එක හෙළාම කියන්නේ, පිටරට ඉන්න ලාංකිකයින් පවා කියන්නේ එකම දේ යන්න කියලා.1948න් පස්සේ මේ වගේ දූෂිත බලලෝභී පවුල් පාලන ආණ්ඩුවක් ඔය තිබුණාමයි.
මලයා කියයිද අයියණ්ඩිට යන්න කියලා... ඔක්කොම එක වල්ලේ පොල්..!
අගමැතිට එන්න කියලා කිව්වේ මුලින්ම මෛත්‍රීපාල... 2020 දී එන්න කිව්වේ ජනතාව.. දැන් යන්න කියන්නේ ජනතාව. ජනාධිපතිට එන්න කිව්වේ ජනතාව.. දැන් යන්න කියන්නේ ජනතාව. ඉතින් බලබලා නොඉඳ වහාම පිටවෙලා යන්න. (ජනාධිපතිගේ ඡන්දෙන් අගමැතිවත්, අගමැතිගේ ඡන්දෙන් ජනාධිපතිවත් පත්වුනේ නැහැ... පත්වුනේ ජනතා ඡන්දයෙන්)
එක්කෙනෙක් කියන්නේ නැතිවෙන්න පුළුවන් රටේ බහුතර ජනතාව යන්න කියනවා නේද? ඒවා ඇහෙන්නේ නැතිව ඇති.
දිට්ඨ ධම්ම වේදනීය කර්මය ඵලදෙන හැටි. හිටපු අගවිනිසුරු තුමිය බලෙන් ගෙදර යවනකොට එතුමියට මොනතරම් දුකක් දෙන්න ඇතිද? එවන් දේවල් කෙළවරක් නැතිව කළ පාපය නේද මේ ඵලදෙන්නේ?