
(අජන්ත කුමාර අගලකඩ)
අගමැති මහින්ද රාජපක්ෂ මහතා ලබන සඳුදා (09) ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ අද (06) රාත්‍රී පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදී අගමැතිවරයා ඉල්ලා අස්වීමට කැමැත්ත පළකර ඇතැයි දැනගන්නට ඇත.
රට තුළ ඇතිව තිබෙන අර්බුදකාරී තත්වය හමුවේ තවදුරටත් කටයුතු කළ නොහැකි බැවින් ,අගමැතිවරයා ඉල්ලා අස්වන බව කැබිනට් මණ්ඩලයට දැනුම්දී ඇතැයි දැනගන්නට ඇත.
අගමැතිවරයාගේ ඉල්ලා අස්වීමත් සමග කැබිනට් මණ්ඩලය ද ඉබේම අහෝසි වනු ඇත.
රට තුළ ඇතිව තිබෙන ආර්ථික හා දේශපාලන අර්බුදයත් ,ජනතාවගෙන් එල්ල වී ඇති දැඩි විරෝධයක් හමුවේ රටේ ආර්ථිකය පවත්වා ගෙන යාම බරපතළ ගැටලුවක් වී ඇතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
අර්බුදකාරි තත්වය හමුවේ සංචාරකයන් නොඑන බවත්, කර්මාන්ත ශාලා පවා වැසීමෙන් බරපතළ ආර්ථික අර්බුදයක් නිර්මාණය වෙමින් තිබෙන බවත් ජනාධිපතිවරයා පවසා ඇත.
එහිදී අහස් දක්වා ඇති අගමැති මහින්ද රාජපක්ෂ මහතා අර්බුදයට විසඳුම තමා ඉල්ලා අස්වීම නම් අගමැති ධුරයෙන් ඉවත්ව විපක්ෂයට යාමට සූදානම් බව ප්‍රකාශ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරයවත් අඬගහගෙන යන්න...
වැඩක් නෑ. මෙයාට ගෙදර ගිය ගමන් කියනවා යන්න එපා කියලා. එතකොට මෙයා ආයෙත් යන්නේ නැහැ කියනවා. දැන් කී පාරක් ඕකම වුණාද?
මැතිවරණය ඉල්ලපු දමිළ ජාතිකයින් ඊයේ ලන්ඩනයේ තිබුණු මැතිවරණයෙන් ඒ සියල්ලෝම දිනයි. එක නගරයක් අවුරුදු 44 කට පසු දිනවයි..! බෙදිච්ච සිංහලයට හොඳ පාඩමක්..!
හෙට උදේ මෙහෙම කියයි. විකාරද, ඒක සම්පූර්ණ බොරුවක්... මම යන්නේ නෑ.
දැං කීපාරක් ඉල්ලා අස් වුණාද?
ඔය බිරිඳගේ තීරණය නෙවෙයිනේ. ගෙදර ගිය ගමන් ආයෙ වෙනස් වෙනවා..!
ඇති යාන්තන්...! ගෙදර යන්න හෙලිකොප්ටරයක් එහෙම අවශ්‍යද? එකට දහයක් දෙන්නම්...!
අද එළියට බැහැපු මිනිස්සුන්ගේ මොරාල් බස්සන්න කරන බොරුවක්...
මිනිස්සු ඇඳුම් ගලවලා වටේ වනනකන් හිටියා. මේවගේ ලැජ්ජා වෙච්චි නායකයෝ පහළ වෙලත් නැහැ, ආයෙත් පහළ වෙන්නෙත් නැහැ. අසූචි ගාණටම වැටුණා..
ඔය වයසට කියන දේවල් විශ්වාස කරන්නේ කොහොමද?
තව කල් දාන්නේ... ටිකට් එක බුක් කරගන්න බැරිවුණාද?
මහින්ද ගියා කියමුකෝ... ඊ ළගට එන්න ඉන්නෙත් ඒ වගේ හරි... ඊට අන්ත රැලක්නේ..!
තවත් සියඹලා පිටපතක් තමයි...
සඳුදා වෙනකම් විතරයි.. සඳුදා ඔය තීරණය වෙනස් වෙනවා.. ඇදගෙන යාමේ නියාය..
මෙයා රෑට කියන දේ නොවෙයි දවල්ට කරන්නේ...
දෙන්නම යා යුතුමයි. අද මේ දෙන්නා නිසා මුළු රටම අවුල් ජාලාවක පැටලිලා..!
සියලු දෙනාම පොදු ජනයා කියන දේ හරියට වටහාගෙන කටයුතු කළොත් තමයි හොඳ... පැලැස්තර දැමීමෙන් තුවාලය ඔඩු දුවනවා මිස සුව වෙන්නේ නැත.
රටේ සාමාන්‍ය ජනතාව සහ මේ දේශපාලුවන් ජීවත් වෙන්නේ වෙනම ලෝක දෙකක... මෙයාලාගේ ළාමක වැඩවලින් මිනිස්සු ඉස්සර සතුටු වුණාට දැන් එහෙම නෑ.
අගමැති ධුරයෙන් ඉවත්ව විපක්ෂයට යාමට සූදානම් බව ප්‍රකාශ කර ඇත. ගෙදරම යවන්න ඕන නැත්තන් වැඩක් කරන්න දෙන්නේ නෑ...
වැඩි බලයක් තියාගෙන අගමැති තනතුර නැතිවුණා කියලා විපක්ෂයට යන්නේ මොලේ හොඳ නැද්ද? ඒ කරන්න හදන්නේ තවත් ලොකු අවුලක් කරන්න තියෙන්නේ අගමැති තනතුරෙන් අයින්වෙලා පැත්තකට වෙලා ඉන්නවා මිස විපක්ෂයට යන්නේ පිස්සුව හොඳින්ම තදවෙලාද, රට විනාශ කරන්නමයි බලන්නේ කියලා පැහැදිලියි.
තව දවස් දෙකක් තියෙනවානේ තව... කවුරු හරි ඉල්ලා අස්නොවන ලෙස මාරාන්තික උපවාසයක් ආරම්භ කරන්න බැරිත් නෑ. එහෙව් නාටක පෙන්වන්නේ...
මෙයා කියන්නෙ අගමැති කමෙන් ඉල්ලා අස්වෙලා විපක්ෂයට යනවා කියලා. මොන අපබ්‍රංශයක්ද?
වාර්තා වුණා මිසක් ප්‍රකාශ කරලා නැහැනේ. විරෝධතාව නැවතුණාම කියයි මම එහෙම කිව්වේ නැහැ කියලා. ජනාධිපති කියයි මට රටේ මිනිස්සුන්ට වැඩියෙන් මගේ සහෝදරයා වටිනවා කියලා.. එච්චරයි..!
ඔයා අයින් වුණාම නාමල්ගේ අනාගතේට මොකද වෙන්නේ? මෝඩ වැඩ නොකර ඔය පුටුවේ ඉන්න.. අයින්වෙන කෙනෙක් අයින් වෙලා යාවි..
ලොකු දෙයක්... මාත් 2005-2010 ඔබට ඡන්දෙ දුන්නා... 2015 මෛත්‍රී ගෙනාවා. මේ සැරේ ගෝඨා ගේන්න ඡන්දෙ දෙද්දී ඇත්තටම හිතුවා ගෙදර නවතීවී කියලා. පොඩ්ඩක් හිතන්නකෝ ජාතික වීරයෙක් විදිහට හැමදාම ඉන්න තිබුණු ඔබතුමා බල ලෝභය හින්දා යන්නේ හැමෝටම තිත්ත වෙලා නේද?
පෙර දිනෙක ඔබ මහ රජිඳෙකි හෙළ දෙරණ රැකගත් විරුවෙකි අද සොර මුලක නායක ජගතෙකි අද දවසෙ වයසක මිනිසෙකි
අගමැති ධුරයෙන් අස්වී විපක්ෂයට නොවේ, ගෙදරම යන්න සදහටම. ගරුසරුව දේශපාලනයෙන් සමුගන්න තිබුණු ඔබ දේශපාලනයෙන්ම ඉවත් කරාවි.
සියලු රට වැසියන්ට කියන්න ඕනෑ. වරදක් තිබේ නම් ඊට බණින්න. නමුත් 30 අවුරුදු යුද ශාපයෙන් රටක්, ජාතියක් ගලවගත්තු නායකයින් හැටියට ඒ ගෞරවය හැමදාම තිබිය යුතුයි. නැත්නම් අපියි ගුණමකුවන් වන්නේ..
ඉල්ලා අස්වීම විතරක් බැහැ. රටෙන් හොරකම් කරපු සල්ලි ආපහු ලබාගන්න වැඩ කරන්නත් ඕනේ.. ඒ වගේම වටේ ඉන්න හොරු විශේෂයෙන් පෞද්ගලික කාර්ය මණ්ඩලයේ ඉන්න හොරු හොරකම් කරපුවා ගන්නත් ඕනේ...!
පන්සිල් පද 5න් කීයක් ආරක්ෂා කළාද? දැන්වත් පන්සිල් පද 5 රැකලා පින්කර ගන්න.
මේවා තවම සත 5කට විශ්වාස කරන්න බැහැ. දැක්කනේ ඊයේ අපේ සල්ලි ලක්ෂ 50ක් වියදම් කරලා සියඹලයා නටපු නැටුම... අනිත් එක ගෝඨාභය හිතනවා නම් මෙයා ගියාම ප්‍රශ්නෙ ඉවරයි කියලා... එයාගෙත් මොලේ පරීක්ෂා කරන්න වෙයි.
ධර්මපාලතුමා මේ රටේ නොඉපදෙන්න ප්‍රර්ථනා කරලා ඉන්දියාවට ගියා...
සියඹලා අංක 2...
ඉතින් යන්නකෝ අදම... තවත් කෙකෙර බාන්නේ නැතුව..
යන එක ඉක්මන් කරන්න පවුල් පිටින්ම. රට අරාජිකත්වයෙන් අරාජිකත්වයට යමින් පවතිනවා. දැන්නම් කිසිම ජගතෙකුටවත් මේ රට පාලනය කළ නොහැකි තරමට පිරිහීමට පත්වෙමින් පවතී.
අද අස්වෙලා, හෙට ආපහු පත්වෙනවා නේද?
අවුරුදු 52 ක් දේශපාලනේ කරලා, තමුන්ව බලයට පත්කරපු මහජනතාව ගසාකාලා පාරටම ඇදලා දැම්මා. රටේම ජනතාව විතරක් නෙවෙයි, පිටරටවල ජීවත්වෙන ලාංකිකයින් පවා එක හෙළාම කියන්නේ යන්ඩ කියලා. මෙතරම් පජාත වෙච්චි දූෂිත නායකයෙක් ලොවේත් නැතුව ඇති...
රුවන්වැලි මහාසෑයට ගිහින් දිවුරලා කියන්න මගෙ දෙයියෝ... එතකොට අපිට පුළුවන් එක හුස්මක් පහත හෙලන්න. ඒත් නුඹේ මලයා ගෙදර යනකම් අපි සටනේ...!
නියෝජ්‍ය කතානායක නාටකයේ අංක 02 එනවා වගේ.. ඉවත් වෙනවා... ආපසු එනවා. නාඩගම් මඩුවේ තව මොන නාඩගම් ඒවිද?
කොහොමත් ශුවර් නැහැ. ගියපාරත් ඕකම කියලා ගෙදරට ප්‍රාදේශීය සභා ගම්බට්ටන් ගෙනැල්ලා, ඔවුන් යන්න එපා කිව්වා කියල බ්‍රේක් ගැහැව්වා. මෙදාපාරත් හෙට අනිද්දා දිහාට ග්‍රාමසේවකයින් ටිකක් ගෙන්නාගෙන ඔවුන්ට කන්න බොන්න දීලා ඔවුන් කිව්වා කියලා බ්‍රේක් ගහනවා ශුවර්....!
"නව අගමැති වශයෙන් මහින්ද රාජපක්ෂ යළි පත්වේ" වගේ දෙයක් අහන්න වේවිද?
පෙර කී ඉල්ලා අස්වීම අනුව ඔහුගේ ප්‍රකාශයන් අපිට පිළිගන්න බැහැ.
මිනිස්සු බඩගින්නේ පෝළිම්වල... සමහර වයසක අය පෝලිම්වල මැරෙනවා. මේ ගොල්ලෝ ජනතාවට විහිළු සපයමින් කල් මරනවා. යනවා කියනවා. යන්නේ නැහැ කියනවා. රුපියල් 1000කට පරිප්පු කිලෝ 2ක් ගමේ කඩෙන් ගන්න බෑ අද? මේ විපතට පත්කරපු සැමට මේක සාපයක්...
මහින්ද රාජපක්ෂ මහත්තය කළ යුතුව තිබුනේ පසුගිය මැතවරණයේදී පරාජය වී ඉවත්ව ගිය අවස්ථාවේ දේශපාලනයෙන් සමුගෙන විශ්‍රාමික සුවයෙන් සිටීමයි. මහින්ද රාජපක්ෂ මහතා නොමැතිව තම දේශපාලනය කරගත නොහැකි දේශපාලනඥයින් පිරිසක්..., මැක්කන් ලෙස රැඳී සිටීම පිණිස එතුමා යළි කැඳවාගෙන විත් අසරණ කළ බවක් පෙනෙන්නට ඇත...
හොඳ නායකයෙක්... අපි ඔබට ගරු කරනවා. ඔබ ගොඩක් දේවල් රටට කරපු කෙනෙක්. ඔබේ වටිනාකම යම් දිනක මේ ජනතාව තේරුම් ගනීවි.
හොඳ හොඳමවේය ලොව කිසිම තැනක නැහැ නොහොඳ, නරක දිනුවේ..
හෙට පත්තරේ තියේවි සභානායක මෙයා කිව්වා කියලා... තීරණය වෙනස් කෙරුවට තවදුරටත් අගමැති තමා කියලා...!
මගේ ඉස්සෙල්ලාම ඡන්දෙ 2005 දුන්නේ ඔබතුමාට. 2010 දුන්නා. ඊට පස්සෙ නම් නෑ. හේතුව හැමෝටම පෙන්ෂන් යන්න වයසක් තියෙනවා. ඔයා ඒක තේරුම් ගත්තේ නැහැනේ. ගෙවලා තාලෙට බදාගෙන හිටියනේ...
විපක්ෂයටවත් එන්න එපා.. අස්වෙලා ගෙදරම යන්න. මොකටද තවත් බලයට ලොබ බඳින්නේ.. කොහොම ඉන්න තිබුණු කෙනෙක්ද මේ...?
අන්තිමට ඉල්ලා අස්වීම ඉල්ලා අස්කරගත්තා කියයි.
ඉතින් යන්නකෝ පවු නොදී...! හැබැයි හොරකම් කරපුවා ගන්නවා.. ඒ වගේම ජම්පරෙත් අන්දනවා.
ඇයි අද යන්නැත්තේ?
විපක්ෂයට ගියාම අයියා සහ මල්ලී ජනාධිපති ඔක්කොගේම කකුලෙන් අදියි. කාටවත් වැඩක් කරන්න දෙන්නේ නැතුව... දෙන්නම ගෙදර යායුතුයි. ආයෙත් එපෝ...!
තේරෙන භාෂාවෙන් කියනවා නම් ‘‘අනේ යන්න‘‘. මල්ලිවත් අරගෙන යන්න. කෑවා හොඳටම ඇති.
ශ්රී ලංකා සූකරයින්ගේ සංගමයේ සභාපති චින්චෝ තීරණය කර ඇත්තේ, මහින්ද අගමැතිකමෙන් ඉල්ලා අස්වුවහොත්, ඔවුන් අසූචි කෑමෙන්ද ඉල්ලා අස්වන බවයි.
ඔය පවුල් පරම්පරාව ඇඟේ ඇඳුම් නැතිව තමයි හැංගිලා ඉන්නේ. ඉදිරියට කන්න තියෙන පරිප්පුවක්ද දන්නේ නෑ...!
මුලදී අපිටත් ඔහු ගැන විශ්වාසයක් තිබුණා. බලයෙන් උමතුවෙලා පවුලේ හතර වරිගෙම ඉන්න අය ළංකරගෙන හොරාකාලා රටම වලපල්ලට ඇදලා දැම්මා. නූපන් දරුවන් පවා ලෝකෙටම ණය කාරයින් කෙරුවා...
මම එහෙම හිතලා නෑ, අපේ හාමුදුරුවනේ...! මම ගිහිල්ලා කොහොමද? මල්ලිට තනියම බෑ...
යනකොට මල්ලිවත් එක්කන් ගියොත් හොඳයි.