(ඩයනා උදයංගනී)
          
අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද (31) කොළඹ අගරදගුරු නිල නිවසට ගොස් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් හමුවී ආශීර්වාද ලබාගත්තේය.


මෙහිදී කොළඹ අගදරගුරුතුමන් සමඟ සුහද කතාබහක ද යෙදුණු අග‍්‍රාමාත්‍යවරයා එම නිල නිවසෙහි සමරු පොතේ සටහනක් ද තැබීය.


ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී.එල් පීරිස්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ, සනත් නිශාන්ත, අරුන්දික ප‍්‍රනාන්දු, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් කුමාර ගුණරත්න යන මහත්වරුන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.