
(නිමන්ති රණසිංහ)
අධිකරණයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවන් දෙදෙනකුට පහරදුන් බව කියන සිද්ධියට අදාළ අගුණකොළපැලැස්ස බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනම් කළ බව බන්ධනාගාර කොමසාරිස් (පාලන) මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.
රක්ෂිත බන්ධනාගාර ගත කළ අගුණකොළපැලැස්ස ප්‍රාදේශීය සභා මන්ත්‍රි අමිල කුමාරසිංහ මහතාට සහ ඔහුගේ ඥාති සහෝදරයකු වන දුලන්ත රාජපක්ෂ යන අයට බන්ධනාගාරය තුළදී අමානුෂික ලෙස පහරදී තුවාල සිදුකළැයි කියන සිද්ධියකට අදාළව විනය පරීක්ෂණයකට යත්ව මෙම නියාමකවරුන් දෙදෙනාගේ වැඩ තහනම් කළ බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ.. දේශපාලුවන්ට ගහපු හින්දා... මෙයා ඉතින් කොහොමත් ගොට්ට අල්ලන්න පොරනේ... කොන්දක් ඇත්තේම නෑ..
මොනවා වුණත් කමක් නැහැ... දේශපාලුවෙක්ට මදිනොවෙන්න නෙළුව එක ගැන ඔබ දෙදෙනාට මගේ ප්‍රසාදය පුදකරමි...
රස්සාව නැති වෙලා අඹුදරුවන්ට කන්න දෙන්න විදියක් නැති වුනාම තේරෙයි.