(අංජුල මහික වීරරත්න)
දැන් ජනතාව පක්ෂ පාට භේදයකින් තොරව කළ යුතු අරගලය වන්නේ මිනිසුන් ජීවත් කිරීමට උත්සාහ කිරීමේ අරගලය බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
එසේ නැතිව රටේ ජනතාව මෙන්ම රටේ ඉදිරි ගමන අමාරුවේ දමන අරගලයක් නම් නැවත කර රටට ප්‍රයෝජනයක් නැතැයි කාරියවසම් මහතා කීය.
මේ රටේ ජනතාව බුද්ධිමත්ව තීරණාත්මකව සිතා බලා කටයුතු කළ යුතු කාල පරිච්ඡේදයක් බවද අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
ජනතාවට පාරට බැස අරගල කළේ තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, විදුලිය කප්පාදු කිරීම්, බඩු මිල ඉහළ යාම වැනි කාරණා හේතු නිසා බව කී කාරියවසම් මහතා රනිල් වික්‍රමසිංහ ජනාධිපති ඒ සියලු දේ යථා තත්ත්වයට පත් කරමින් සාර්ථක ගමනක් ආරම්භ කර තිබෙන බවද පැවසීය. පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමනල අරගලයක්ද
සුබ ලොක්කා ඕනෑ බලය ගන්න. ඒකනේ ජන්දයක් පෙනි පෙනී පක්ෂය කඩාගෙන ගන ගොස් වෙන කෙනෙකුට බලය ලබා ගැනීමට පාර කපා දුන්නේ. දැන් උග්‍ර ප්‍රශ්න ටික ටික විසදීමට කට යුතු කරන විට අරගල කරන්න ලෑස්ති වෙනවා. ඔව් හොරු ටික ඌ පසුපස යයි.
මොන යථා තත්ත්වයක්ද යකෝ. ? බෙහෙතෙක් වත් ගන්න තියෙනවද?
මෙයත් මදන මෝදක ගහල ඉන්න එකෙක්ද කොහෙද. . මෙ වගෙ පොල් බුරුවෙකුට ආයෙමත් චන්‌දෙ දෙන්න බලාගෙන ඉන්නවද ඔයගොල්ලො?