
(සුමිත් පොතුපිටිය සහ තුසිත කුමාර ද සිල්වා)
ධීවර යාත්‍රාවකට අකුණු සැර වැදීමෙන් එහි ගමන්ගත් ධීවරයෙකු මියගොස් අනෙක් තවත් ධීවරයකු තුවාල ලබා රෝහලේ ගතකර ඇති බව පොලිසිය සදහන් කරයි .
අනතුරෙන් මියගොස් ඇත්තේ මග්ගොන , දියලගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටී හෙට්ටිආරච්චි දිශාන්ත නමැති 41 හැවිරිදි තිදරු පියෙකු බව පොලිසිය කීය.
ධීවරයින් දෙදෙනා අද උදෑසන එක්දින ධීවර යාත්‍රාවකින් මුහුදු ගොස් සිටියදී අනතුර සිදුව ඇති බව පොලිසිය සදහන් කරයි .
බෝට්ටුව මුහුදේ ගිලී ඇති අතර,මෘතදේහය ගොඩගෙන තුවාලකරු රෝහල් ගතකර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝම කණගාටුදායක පුවතක්. දියඹට යන වෙලාවේ කාලගුණය හොඳයි. හදිස්සියේ කාලගුණය වෙනස් උනහම ධීවරයින් බොහොම අසරණ තත්ත්වයට පත් වෙනවා. අඩුම ගණනේ ආරක්ෂාවෙන්නයි , කියලා ගිහිල්ලා මුවා වෙන්න මුහුදේ ගස් කොළන්වත් නැහැනේ .