( අයි ආර් ඉන්දික)
ඌව කුඩාඔය වෙහෙරයාය ප්‍රදේශයේදි අකුණු සැර වැදිමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි ඌව කුඩාඔය පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 51 ක්වන වෙහෙරයාය ප්‍රෙද්ශයේ පදිංචි විවාහකයෙකි.
වෙහෙරයාය ප්‍රදේශයේ වාඩියක කාඩ් සෙල්ලම් කරමින් සිටින අතරතුර මෙම අකුණු සැර වැදි ඇති අතර එම අකුණු සැර හේතුවෙන් සුලු තුවාල ලබා කම්පනයට පත්වු අයෙකු වැල්ලවාය රොහලට ඇතුලත් කර තිබේ .
මෙම මරණයට අදාල හදිසි මරණ පරික්ෂණය වෙහෙරයාය හදිසි මරණ පරික්ෂක ඒ එම් චන්දිමාල් දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් (02) වැල්ලවාය මුලික රොහලේදි සිදුකිරිමට නියමිතව තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ අකුණු අනතුරු උපරිමව සිදුවන මාසය අපේර්ල් බව සිතේ තබා ගෙන, විශේෂයෙන් සවස් කාලයේදී පරිස්සම් වීම ගැන සැමගේ අවධානය යොමුවීම වැදගත්....