ඩී.ජී.සුගතපාල
රාත්‍රි ආහාරය ප්‍රමාද විම නිසා යාබද නිවසේ පදිංචි අක්කාටත් මස්සිනාටත් ඔවුන්ගේ හය හැවිරිදි දියණියටත් පොල්ලකින් පහරදි තුවාල සිදු කළැයි සැකකරුවෙකු ජූනි 8 වනදින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සැකකරුගේ මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (31) නියෝග කලේය.
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ තල්පෙ කහවැන්නගම පදිංචි ගාර්දිය හේවා වසම් කැළණියන්ගොඩ ගමගේ දිපාල් නමැති හතළිස් හැවිරිදි සැකකරුවෙකි.
තුවාල ලබා ඇති මව පියා සහ දියණිය කරාපිටිය රෝහල ඇතුලත් කර ඇති අතර තවමත් ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනිමට නොහැකි බවද පොලිසිය අධිකරණයට කියා සිටියේය.
පොලිස් හදිසි ඇමතුම් අංශයට ඊයේ රාත්‍රි අටට පමණ ලැබුන දුරකතන ඇමතුමක් පොලිස් නිලධාරින් එම ස්ථානයට ගොස් ඇති අතර ඒ වනවිට තුවාලකරුවන් කරාපිටිය රෝහලට ගෙන ගොස් තිබු අතර සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.
පොලිසිය කරන ලද මූලික පරික්ෂනවලදි අනාවරණයවි ඇත්තේ සැකකරු මානසික ආබාධයකින් පෙලෙන අතර ඔහුගේ බිරිඳ ඔහු හැරගොස් ඇති නිසා යාබද නිවසේ පදිංචි සොහොයුරිගේ නිවසින් ආහාර පාන ලබාදෙන බවය.
ඒ අනුව පෙරේදා රාත්‍රි ආහාරය ප්‍රමාදවිම හේතුවෙන් මෙසේ පහරදි ඇති බවද අනාවරණයවි ඇත.
හබරාදුව පොලිසියේ උප පොලිස් පරික්ෂක විමල් මහතා විසින් සැකකරු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හය හැවිරිදි දියණියටත් පොල්ලකින් පහරදි තුවාල කරා නම් හිතක් පපුවක් නැත්තෙක් වෙන්න ඇති. අපේ රටේ සමහර මිනිසුන්ගේ සංවේදී බව මෙතරම් පිරිහිලා තියෙන්නේ ඇයිදැයි මට නම් හිතාගන්නවත් බැහැ. මේ වයසේ කුඩා දරුවෙක් මොනතරම් හුරතල් දරුවෙක් වෙන්න ඕනෙද ?