
(නිමල කොඩිතුවක්කු)
අපනයන අභිමුඛ කර්මාන්තකරුවන්ට හානිදායක තත්ත්වයක් ඇති කරන බැවින් SVAT අහිමි කරන්න එපා යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ - නියෝජිතයන් හමුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (2) කොළඹදී ඉල්ලීමක් කළේය.
කරුණු ගණනාවක් හරහා අයිඑම්එෆ් ක්‍රියාවලිය තුළ රටේ ජනතාව සමාජ ගැටලු රැසකට මුහුණ දෙමින් ඇති මොහොතක ජනතාවට සහන හා ශක්තිය ලබා දීමට මීට වඩා වැඩිදියුණු වැඩපිළිවෙළක අවශ්‍යතාව පවතින බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ - නියෝජිත පිරිස හමුවූ අවස්ථාවේදීය.
ඔක්තෝබර් 1 වැනිදා සිට ක්‍රියාත්මක SVAT පහසුකම ඉවත් කිරීම නිසා අප රටේ අපනයනකරුවන්ට විශාල හානියක් සිදුවන බැවින් එම පහසුකම ඉවත් කිරීම වහාම නතර කිරීම රටේ අපනයන ක්ෂේත්‍රයට හිතකර දෙයක් බවත් විපක්ෂනායකවරයා එහිදී සඳහන් කළේය.
SVATපහසුකම රටේ අපනයනකරුවන්ට අහිමි කිරීමෙන් පසු එයට විකල්පයක් ලෙස ඇති වැඩපිළිවෙළක් රජය පාර්ශවයෙන් බිහිවී නොමැති බවත් අයිඑම්එෆ් නියෝජිතයන්ට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
’’SVAT අහිමි කරන්න එපා’’
pakeer Thursday, 02 October 2025 09:48 PM
SVAT අහිමි කරන්න එපා... ඒත් හරියට විනිවිද භාවයකින් ඒක බලන්න. ඒකෙ මුවාවෙන්.. හුගක් හොර මගඩි කරනවා. ඒකෙන් ආණ්ඩුවට අය විය යුතු මුදල අය වෙන්නේ නෑ.