(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පංචිකාවත්තේ දී ඉකුත් නව වැනි දා පොලිස් අධිකාරි නාලක සේනානායක මහතාට පහරදී බරපතළ තුවාල සිදුකර ඔහු සතුව තිබූ පිස්තෝලය කොල්ලකෑ 18 හැවිරිදි තරුණයකු මාලිගාවත්තේ දී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
කොල්ල කන ලද පිස්තෝල ගිනිඅවිය,පතොරම් ගැබ, හා ජිව උණ්ඩ 10 සැකකරු සන්තකයේ තිබී සොයාගෙන ඇත.
ඉකුත් නම වෙනි දින කොල්ලුපිටිය සහ ගාලුමෝදර සාමකාමී අරගල කරුවන්ට පහර දීමත් සමගම ඇතිවූ සිද්ධියක් සමගම පොලිස් අධිකාරී නාලක සේනානායක මහතා ගමන් ගත් නිල වාහනයට සහ තවත් නිල වාහනයකට පහරදී බරපතල අලාභ සිදු කිරීමට සැකකරු ඇතුළු පිරිසක් ක්‍රියා කර තිබිණි.
එම අවස්ථාවේදී පොලිස් අධිකාරීවරයා සතුව තිබූ පිස්තෝල ගිනි අවිය මෙම සැකකරු විසින් කොල්ල කා තිබිණි.
ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී සැකකරු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීයෙක් පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරු වෙළෙඳ ව්‍යාපාරිකයකු වන අතර මාලිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd