
(අංජුල මහික වීරරත්න)
හැත්තෑ අට වැනි ජාතික නිදහස් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අද(4) පෙරවරුවේ පැවැත්වේ.
‘ගොඩනගමු ශ්‍රී ලංකා’ මෙවර ජාතික නිදහස් සැමරුමේ තේමාවයි. චාම් සහ අභිමානවත් අයුරින් මෙවර නිදහස් සැමරුම පැවැත්වෙන බව රජය ප්‍රකාශ කරයි.
78 වැනි නිදහස් සැමරුම සාමාන්‍ය නිදහස් සමරුවකින් ඔබ්බට ගොස් අනාගතය ගොඩ නැගීමේ දැවැන්ත වැඩපිළිවෙලක් සහිතව සැමරෙන බව රජය සඳහන් කරයි.
නිදහස් දින පෙළපාළියට ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් නිලධාරීහු 234ක්,හමුදා භටයන් 3,323 ක් සහ ජාතික ශිෂ්‍යභට බලකායේ නිලධාරීහු 12ක්, ශිෂ්‍ය භටයෝ 479ක් සහභාගී වෙති.
ජාතික නිදහස් සැමරුම නිමිත්තෙන් නාවික හමුදාව ගාලුමුවදොර පිටියේදී අද පෙරවරුවේ සම්මාන වෙඩි මුරයක්ද පවත්වනු ඇත.
මේ අතර ජාතියේ පියා ලෙස විරුදාවලිය ලත් මහාමාන්‍ය ඩී.එස් සේනානායක මහතාගේ කොළඹ නිදහස් චතුරස්‍රයේ පිහිටි පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම අද(4) පෙරවරුවේ සිදු කෙරෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd