(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර පරවිදූව උපෝසථාගාරයට පිවිසෙන පාලම අද (04) සවස හදීසියේ කඩා වැටීමෙන් මුහුදට වැටී අනතුරට පත් වු හැට දෙනෙකුගෙන් පමණ වු පිරිසේ සියලු දෙනා බේරා ගැනීමට අවට ජනතාව සමත් විය.
මහියංගනයේ සිට විනෝද ගමනක් යමින් සිටි සංචාරකයින් පිරිසක් පාලම මැද සෙල්ෆි ඡායාරූප ගනිමින් සිටියදී එම පාලම හදීසියේ කඩා වැටී තිබුණි.
කුඩා දරුවන් ඇතුළු විශාල පිරිසක් මුහුදට වැටී පාලමේ යකඩ වැටේ එල්ලී තම ජීවිත බේරා ගන්නා ලෙසට කෑ මොර දෙන අයුරු දැක ගත හැකි විය.
ඒ සමගම අවට සිටි අය දුව ගෙනවිත් ඔවුන බේරා ගැනීමට සමත් වූහ.
අනතුරින් දස දෙනෙකු පමණ සුලු තුවාල ලැබ ඇති අතර කිසිදු ජීවිත හානියක් සිදු වී නොමැත.
කෙසේ වෙතත් ඔවුන් බොහෝ දෙනෙකුගේ ජංගම දුරකතන පාවහන් හා අත් බෑග් මුහුදට වැටී ගසා ගෙන ගියේය.
ඒ වන විට පරවිදූව උපෝසථාගාරයට ගොස් සිටි විදේශීය ජාතිකයින් ඇතුළු සංචාරකයින්ට පාලම කඩා වැටීම නිසා නැවත ගොඩබිමට ඒමට නොහැකිව පැයකට ආසන්න කාලයක් දූපත තුල කොටු වී සිටි අතර පොලීසිය, යුධ හමුදාව, නාවික හමුදාව හා ආපදා කලමණාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් පැමිණ ඔවුන් ගොඩබිමට රැගෙන එම සදහා මෙහෙයුමක් ආරම්භ කලේය.
ඒ අනුව දූපත තුල කොටු වී සිටි හැට දෙනෙකු පමණ අත් අල්ලා ගෙන ගොඩට රැගෙ ඒමට කටයුතු කෙරිණි.
මුහුදට වැටී සිටි අවුරුදු තුනක් වයසැති දරුවකු බේරා ගැනීමට මාතර වෙරල තීරයේ වඩේ වෙලදාමේ නිරත තරුණයෙකු වු පී.ඩී රොෂාන් මහතා සමත් විය.
මාතර මහ දිසාපති වයි.වික්‍රමසිරි, මාතර ජේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා, මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චි, මාතර සමුපකාර රෝහලේ සභාපති චමින්ද ගුණසේකර යන මහත්වරු ඇතුළු පිරිසක් ද එම ස්ථානයට පැමිණ සිටියේය.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැරණි කවියක් තිබුණා මෙහෙම... පේරාදෙණියේ එකසිත් ඇති මහත්තුරු පාලම හදන්නට ගත්තේ උණ පතුරු.. ඒත් මදිව තව ගත්තේ ගිනිකූරු.. පාළම තිබේ වඩුවා ගෙදර යනතුරු කියලා මේකත් එහෙම හැදූ එකක්ද බලන්න...!!!
මම පන්සල්, පල්ලි, කෝවිල් යන කෙනෙක්වත්, වන්දනාවේ යෙදෙන කෙනෙක්වත් නෙමෙයි. නමුත් මගේ දරුවෙකුට මෙතන බලන්න ආසාවක් ඇති වුණු හින්දා මම කාලෙකට කලින් සංචාරකයෙක් විදියට ඔතැනට ගියා... එදත් ඔය හැමතැනම දිරලා තිබුණු සමහර තැන්වල යකඩ වෙනුවට ලෑලි දමලා තිබුණු මේ අනතුරු දායක තත්වය ගැන කිව්වම කිව්වේ ඕක හදන්න සල්ලි නැහැ කියලා..!!! අපූරු කතාව වාසනාවට මෙතන තියෙන්නේ නොගැඹුරු මුහුදක්.. ඕක බලන්න ගිය මිනිස්සුන්ගේ වාසනාවක් නැත්නම් අර 70 ගණන්වල මාතරදීම වුණු "ආසයි බයයි" බෝට්ටුව නිල්වලා ගඟට බිලිවුණා වගේ එකක් වෙනවා...!
ආරක්ෂාව පිළිබඳව වගකිව යුත්තන්ගේ සහ සාමාන්‍ය ජනතාවගේ අවදානය බොහොම පහළ මට්ටමක තියෙන්නේ. කිසිම සැලකිල්ලක් නැහැ. ජීවිත හානි කිසිවක් සිදු නොවීම සතුටට කරුණක්...