(රංජන් කස්තුරි)
සමෘද්ධි පවුල් සහ අඩු ආදායම්ලාභී පවුල්වලට අලුත් අවුරද්දට රුපියල් 5000 දීමනාවක් ලබාදීමට රජය තීරණය කළ ද එම මුදල් සමෘද්ධි බැංකුවලට ලබාදී නැතැයි සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
අවුරුද්ද නිමිත්තෙන් එම පවුල්වලට රුපියල් 5000 දීමනාවක් ලබාදීමට රජය හදිසියේ තීන්දු කිරීමෙන් සමෘද්ධි සංවර්ධන නිලධාරින් අපහසුතාවයට පවත්වන බවද සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චාමර මද්දුමකළුගේ මහතා පැවැසීය.
කෝවිඩ් හේතුවෙන් පීඩාවට පත් පවුල් සඳහා රුපියල් 5000 දීමනාව කාණ්ඩ 10ක් යටතේ ලබාදුන් නමුත් මෙවර කාණ්ඩ 7කට අයත් පවුල් සඳහා පමණක් මෙම දීමනාව ලබාදෙන්නැයි දැන්වීම නිසා සමෘද්ධි නිලධාරින් හා ජනතාව අතර ගැටුම් නිර්මාණය වීමට ඉඩ තිබෙන බව ද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමෘද්ධි නිලධාරීන්ට සෑම වසරකම අවුරුදු චාරිත්‍ර නැත.ගෙදර කටයුතු කරන්නත්තාරයි.
කිසිදේකට බයවෙන්න එපා. සෞභාග්‍යය උදාකර දෙනවා කියලත් පොරොන්දු උනානේ. ඔය පොරොන්දු ඉෂ්ඨ වෙන එක ඉර හඳ වගේ තමයි කියල හිතපු හැට නම ලක්ෂයක නොවැම්බර් වරුන්ට තමයි අද හැංගෙන්න තැනක් හොයන්න වෙලා තියෙන්නේ.
මුදල් නෝට්ටු අච්චු ගහනවා වෙන්න ඇති .... පොඩ්ඩක් ඉවසලා ඉන්න..
ඒකට කමක් නෑ . ලබන මාසේ අවුරුදු කන්න බැරිය.
පත්තරෙන් ටි වි එකෙන් බෙදල ඉවරයි
කිසිදෙයක් ගණන් ගන්න එපා. සෞභාග්‍යය උදාකර දෙනවා කියලත් පොරොන්දු උනානේ. ඔය පොරොන්දු ඉෂ්ඨ වෙන එක ඉර හඳ වගේ තමයි කියල හිතපු හැට නම ලක්ෂයක නොවැම්බර් වරුන්ට තමයි අද හැංගෙන්න තැනක් හොයන්න වෙලා තියෙන්නේ.