
(විමුක්ති එස් රුද්‍රිගු)
මෙරට 2026 අයවැය ක්‍රියාවලියට ජනතාව සම්බන්ධ කර ගැනීම සඳහා "budget proposals hub" නමින් වේදිකාවක් හඳුන්වාදී තිබෙන බව වෙරිටේ රිසර්ච් ආයතනය අද (16) ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ අයවැය ක්‍රියාවලියට රටේ ජනතාව හවුල්කරගැනීමට ඇති අවස්ථා අකාර්යක්ෂම මෙන්ම අනුගමනය කිරීමට අපහසුවීම හේතුවෙන් මෙම වේදිකාව හඳුන්වා දීමට තීරණය කළ බව වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ලංකාවේ ක්‍රියාත්මක වන එකම වේදිකාව මෙය බවද වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කිරීම සඳහා මෙවර අයවැයට මෙම වේදිකාව ඔස්සේ යෝජනා ඉදිරිපත් කිරීමට ජනතාවට හැකියාව පවතින බව වෙරිටේ රිසර්ච ආයතනය පැවැසුවේය. මෙම වේදිකාවට පබ්ලික් ෆයිනෑන්ස් වෙබ් අඩවිය ඔස්සේ ජනතාවට ප්‍රවේශ විය හැකි බවද වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2026 අයවැයට වෙරිටේ ආයතනයෙන් අලුත් වැඩක්