19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත් කිරීමට අද (19) කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.
නව ආණ්ඩුවේ පළමු කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වූ අද ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කළේය.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත් කිරීමට අද (19) කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.
නව ආණ්ඩුවේ පළමු කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වූ අද ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කළේය.
COMMENTS
19 අහෝසි කළත් ස්වාධීන කොමිෂන් සභා අහෝසි කරන්න එපා. ජනතාවගේ පැත්තෙන් ස්වාධීන කොමිෂන් සභා වටිනවා. විශේෂයෙන්ම තොරතුරු දැනගැනීම් කොමිෂන් සභාව... පොලිස් කොමිෂන් සභාව පිළිබඳ නම් ඒතරම් පැහැදීමක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී රටක තොරතුරු දැනගන්නට තිබෙන අයිතිය ජනතාව සතුයි. නැත්නම් අපට කිසිවක් දැනගන්නට අවස්ථාව නැහැ. තොරතුරු කොමිෂන් සභාව තවදුරටත් අාරක්ෂා කරගත යුතු අායතනයක්. ඒ තැනට අධිකරණ විනිසුරුවන් සහ අධිකරණයට සම්බන්ධ උදවිය පත්කරලා රාජ්‍ය සේවයේ විශ්‍රාම ගිය නිලධාරින් අස්කරන්න. ලංකාවේ රාජ්‍ය සේවය නිලධාරිවාදය මගින් කරන අපරාධ.. නිලධාරි වාදයෙන් රාජ්‍ය සේවය බේරා ගන්නට තිබෙන හොඳම අවිය තමයි තොරතුරු කොමිසම... නැතිනම් සාමාන්‍ය වැසියා යනු හැමදාමත් නිලධාරින්ගේ හෝ දේශපාලකයින්ගේ යකඩ සපත්තුවට පෑගෙන පුද්ගලෙයක්. ඒ නිසා 20 වැනි සංශෝධනය හරහා තොරතුරු කොමිෂන් සභාව නම් අහෝසි කරන්න එපා. පොලිස් කොමිසම නම් සත 5කට වැඩික් නැති අායතනයක්. ඒවා නිසා සංශෝධන විය යුතු වුවත් එය දේශපාලකයින්ට වඩා පොදු මහජනතාවට වැඩක් විය යුතු බව හොඳින් අවධාරණයට ගන්න.
ශ්රී ලංකාවේ බලයට පත්වෙන හැම රජයක්ම කරන "සෙල්ලමක්" තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තමන්ට '‘වාසි" වනලෙස සංශෝධනය කිරීම... ඇත්තටම දේශපාලනික ලෙස "ශීලාචාර" රටවල් තම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බොහෝ ඉහළින් ආරක්ෂා කරගන්නේ රටේ ඇති ඉතාම පූජනීයම දෙයක් ලෙසයි. ඒ වගේම තමයි ඒ රටවල ව්‍යවස්ථාව යම් ලෙසකින් උල්ලංඝනය වුණොත් "වහාම" එය යළිත් නිවැරදි කරනවා. හැබැයි ඉතින් අපේ රටේ ඊට වෙනස්.. ව්‍යවස්ථාව වැඩියෙන්ම උල්ලංඝනය වෙන රට මේ රට වෙන්න ඇති. හැබැයි ඉතින් ජනතාව ඊට විරුද්ධව යමක් කරන්නෙත් නැහැ. එය ' නූගත්කමද ' 'බියසුළු බවද' කියා නොදනිමි. ඒ වගේමයි ව්‍යවස්ථාව උල්ලංඝනය වූ විට එය කවරදාකවත් නැවත නිවැරදි කිරීමක් කළ බවකුත් මම අසා නැහැ. රටක ව්‍යවස්ථාව ආරක්ෂා කරන "ආරක්ෂකයා" ශ්‍රේෂ්ඨාධිකරණය බවවත් නොදන්නා නූගත් "දේශපාලුවන්" සිටින එකම රට මේ රට වෙන්න ඇති...
ඒ වුණාට අපේ අසල්වැසි රටේ.. ඒ කියන්නේ ඉන්දියාවේ ව්‍යවස්ථාවක් එක්ක සෙල්ලම් බැහැ...!!! කාලයකට ඉහතදී එකල ඉන්දියාවේ අගමැතිනිය වූ ඉන්දිරා ගාන්ධි මහත්මිය, එතුමියට ඡන්දයෙන් ලැබුණු බහුතර වරම උපයෝගී කරගෙන ඉන්දීය ව්‍යවස්ථාවේ " දර්ශනය සහ ආකෘතිය " වෙනස් කිරීමට 42 වන සංශෝධනය ගෙනවිත් සම්මත කරගත්තේ මහජන විරෝධතාවයන් සහ අධිකරණයේ බලවත් විරෝධතාවයන් ඉවත දමමිනි. 1977 දී ඇය අන්ත පරාජයට පත්වූයේත් ඒ පනත නිසාමයි. ඉන්පසු පත්වුණු ජනතා පක්ෂය 43 සහ 44 සංශෝධන ගෙනැවිත් 42න් සිදුවුණු විකෘතිය නිවැරදි කළා. එපමණක් නොවෙයි.. ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය (විනිසුරුවරුන් 13 දෙනෙක් ගෙන් සමන්විත) ඉන්දියාවේ බලයට පත්වන කිසිම ආණ්ඩුවකට වියවස්ථාවේ "දර්ශනය සහ ආකෘතිය'' වෙනස් කිරීමට සංශෝධන ගෙනඒමට නොහැකිවන ලෙස ප්‍රබල තීන්දුවක් ලබා දුන්නා. අද වනතුරු ඉන්දියාවේ කිසිම රජයකට ඒ තීන්දුව වෙනස් කිරීමට හැකිවුයේ නැහැ. එ්ත් බුද්ධිමතුන්ගේ අඩු, බයියන්ගෙන් පිරුණු මේ ධර්මද්වීපය ගැන මොන කතාද...?
20 වැනි සංශෝධනය වෙනස් කරන්නේ රාජපක්ෂලාට, පවුලට බලය වැඩිකර ගැනීමට මිස රටට හෝ රටේ ජනතාවට සිදුවන සෙතක් නොමැත.. 19 වැනි සංශෝධනයෙන් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අහෝසි වී යනු ඇත...
19 වතාවක් සංශෝධනය කරත් හරි... එකක් හදාගන්න බැරි වුණා කියන්නේ මේ අය මිනිස්සු වෙන්න බෑ...