
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කොල්ලුපිටිය මුහුදු මාර්ගයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයකු ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන 18 හැවිරිදි සිසුවකු පැදවූ වෑන් රථයක ගැටීමෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි කොල්ලුපිටිය පොලිසිය කියයි.
වෑන් රථයේ ගැටීමෙන් තුවාල ලැබූ කොස්තාපල්වරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් පසුවෙයි අනතුර සිදු කළ බව කියන වැන් රථය ද පොලිස් බාරයට ගෙන ඇත.
කොල්ලුපිටිය මුහුදු මාර්ගයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු වෑන් රථයකට නතර කරන ලෙස සංඥා කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
වෑන් රථය පදවාගෙන ආ බව කියන ජාත්‍යන්තර පාසලේ සිසුවාට එම වෑන් රථය පාලනය කර ගැනීමට නොහැකිව කොස්තාපල්වරයාගේ ඇඟේ ගැටීකොස්තාපල්වරයා තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිසුවන්ට රියදුරු බලපත්‍ර තියෙනවා නම් මේක සාමාන්‍ය අනතුරක්... නැතිනම් තමයි ප්‍රශ්නේ. පොලිස් කාරයින් හැංගිලා ඉඳලා එකවර පාරට පනිනවා.
සිල්වා මැතිතුමා හරියට හරි ට්‍රැෆික් කොස්තාපල්ලා කොහේ හෝ මුල්ලක හැංගිලා සිට පාරට පනින්න ඇති ඉතින්... කොල්ලෙක් නොවෙයි හොඳ පුහුණුවක් තියෙන කෙනෙකුටවත් වාහන පාලනය කරගන්න බැහැ. ඇත්තටම මේ කාලයේ ට්‍රැෆික් කොස්සෝ හැංගිලා පැනීම ඉතාමත් වැඩිවෙලා කියන්න පුළුවන්... මේ ට්‍රැෆික්ලා වෙනත් පළාතක වාහනයක් දැක්කොත් මොන වරදක් හෝ කියලා දඩකොළ අනිවාර්යයෙන් දෙනවා. උදාහරණයක් ලෙසට හම්බන්තොට කෙනෙක් අනුරාධපුර ගියා කියමුකෝ... අනුරාධපුර ට්‍රැෆික් දඩකොළය වන්දනාවේ අවසන් දවසේ හැන්දෑවේ දුන්නා කියමු. එදා සෙනසුරාදා නම් ඔහුට ගමට ගියොත් නැවත දවසක් එන්න වෙනවා... වියදම් කොපමණද? එහෙම නැත්නම් සඳුදා උදේ 9 පසුවෙන තුරු ඉඳලා දඩය ගෙවන්න වෙනවා... මෙහෙම තියෙන ලංකා පොලිසියේ වල්බූරු දඬුවම් ක්‍රමය වෙනස් කරන්න කෙනෙක් නැද්ද?