IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


18 සිසුවා පැදවූ වෑන් රථයේ පී.සී ගැටේ

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කොල්ලුපිටිය මුහුදු මාර්ගයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයකු ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන 18 හැවිරිදි සිසුවකු පැදවූ වෑන් රථයක ගැටීමෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි කොල්ලුපිටිය පොලිසිය කියයි.

වෑන් රථයේ ගැටීමෙන් තුවාල ලැබූ  කොස්තාපල්වරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් පසුවෙයි අනතුර සිදු කළ බව කියන වැන් රථය ද පොලිස් බාරයට ගෙන ඇත.

කොල්ලුපිටිය මුහුදු මාර්ගයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු වෑන් රථයකට නතර කරන ලෙස සංඥා කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

වෑන් රථය පදවාගෙන ආ බව කියන ජාත්‍යන්තර පාසලේ සිසුවාට එම වෑන් රථය පාලනය කර ගැනීමට නොහැකිව කොස්තාපල්වරයාගේ ඇඟේ ගැටීකොස්තාපල්වරයා තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

 



අදහස් (2)

18 සිසුවා පැදවූ වෑන් රථයේ පී.සී ගැටේ

de silva Friday, 31 March 2023 12:01 PM

සිසුවන්ට රියදුරු බලපත්‍ර තියෙනවා නම් මේක සාමාන්‍ය අනතුරක්... නැතිනම් තමයි ප්‍රශ්නේ. පොලිස් කාරයින් හැංගිලා ඉඳලා එකවර පාරට පනිනවා.

:       8       2

Premasiri Friday, 31 March 2023 05:28 PM

සිල්වා මැතිතුමා හරියට හරි ට්‍රැෆික් කොස්තාපල්ලා කොහේ හෝ මුල්ලක හැංගිලා සිට පාරට පනින්න ඇති ඉතින්... කොල්ලෙක් නොවෙයි හොඳ පුහුණුවක් තියෙන කෙනෙකුටවත් වාහන පාලනය කරගන්න බැහැ. ඇත්තටම මේ කාලයේ ට්‍රැෆික් කොස්සෝ හැංගිලා පැනීම ඉතාමත් වැඩිවෙලා කියන්න පුළුවන්... මේ ට්‍රැෆික්ලා වෙනත් පළාතක වාහනයක් දැක්කොත් මොන වරදක් හෝ කියලා දඩකොළ අනිවාර්යයෙන් දෙනවා. උදාහරණයක් ලෙසට හම්බන්තොට කෙනෙක් අනුරාධපුර ගියා කියමුකෝ... අනුරාධපුර ට්‍රැෆික් දඩකොළය වන්දනාවේ අවසන් දවසේ හැන්දෑවේ දුන්නා කියමු. එදා සෙනසුරාදා නම් ඔහුට ගමට ගියොත් නැවත දවසක් එන්න වෙනවා... වියදම් කොපමණද? එහෙම නැත්නම් සඳුදා උදේ 9 පසුවෙන තුරු ඉඳලා දඩය ගෙවන්න වෙනවා... මෙහෙම තියෙන ලංකා පොලිසියේ වල්බූරු දඬුවම් ක්‍රමය වෙනස් කරන්න කෙනෙක් නැද්ද?

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 211 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 721 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1134 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site