
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සැණින් තරුණ තරුණියන්ට ඡන්ද අයිතිය ලබා දීම සඳහා ඡන්ද ලැයිස්තු මාස 04කට වරක් සකස් කිරිම සඳහා ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සකස් කළ බව සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ඡන්ද ලියාපදිංචි කිරීමේ සංශෝධනයෙන් පසු පෙබරවාරි මාසයේ 01 දින සිට මැයි මස 31 වෙනි දින දක්වාත්, ජූනි මස 01 දින සිට සැප්තැම්බර් මස 30 වෙනිදා දක්වාත්, ඔක්තෝබර් මස 01 දින සිට ජනවාරි මස 31 වෙනි දින දක්වාත් අලුත් ඡන්ද දායකයින්ට ඡන්ද නාම ලේඛනයට නම ඇතුළත් කිරීමට අවස්ථාව ලැබෙන බව ද දිනේ්ෂ් ගුණවර්ධන මහතා පැවසීය.
මෙමගින් තරුණ පරම්පරාවට ඡන්දය ඉක්මනින් ලියාපදිංචි කරගැනීමේ අවස්ථාව මේ ලැබෙන බව දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සම්මත කිරීමෙි විවාදය අරඹමින් දිනේෂ් ගුණවර්ධන මහතා මෙි බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්ද නාමලේඛන සැකසීමේදී අලුතින් ඇතුළු කරන නම ලේඛනයේ මුලට ඇතුල්වී ගෘහ මූලිකගේ නම පසුව ලියාපදිංචි කිරීම වෙනස්කර ලේඛනයේ නම් වැඩි වයස් මුලින්ම සිටින ලෙස සකසන්න
කිරි දරුවාට පවා ඡන්ද අයිතිය දුන්නත් ඔහෙලාට නම් ආයේ කවුරුත් ඡන්දෙ දෙන්නේ නෑ..
මේ ක්‍රමවේදයෙන් ආණ්ඩුවට සෙතක් වේවිද?
ඕක කලොත් ඊළඟ ඡන්දය උඩින්ම දිනනවා දිනනවාමයි. අපේ ලමයි බලාගෙන ඉන්නේ ඉස්කෝලෙට නොගිහින්ම වැඩිහිටියන් වෙන්න.
නරකද ඒ ගමන්ම 60 පිරුණු අයට ඡන්දෙ ඉල්ලන්න බැරිවෙන්න පනතකුත් ගෙනාවා නම්...
18 පිරුනා කියන්නේ චන්දයක් පාවිච්චි කරන්න තරම් බුද්ධිය මුහුකුරා වයසක් නොවෙයි ජෙප්පන්ගේ ගොදුරක්. අවබෝදයක් නැතිව ලේ සැලෙන විප්ලව හොයන වයසක්. ඔවුනට අගතියක් කර ගත්තාට අපිට කමක් නැත ඔවුන් නිසා අපිට විඳවන්න සිදුවෙනවා. එම නිසා චන්ද අයිතිය දෙන්න එපා.
18 පිරුණ ගමන් චන්ද අයිතිය ලැබුනට කෝ ඒක දෙන්න මැතිවරණ....ඒව කල් යනවනේ...හරිනම් අතුරු මැතිවරණ පවා තැබීමෙ යාන්ත්‍රනයක් ඇති කල යුතුය..එතකොට ජනමතය එලියට එනවා.. එතකොට පාලකයන් වැරදි අඩු කර ගන්නවා..
18 පැන්න ගමන් කොල්ලෝ කෙල්ලන්ට ඕන කරන මූලිකම දේ චන්දේ තමයි .මොන තරම් හොඳ වැඩිහිටි දේශපාලුවෝ රන්චුවක්ද මේ ?
පක්ෂවලට බෙදී ඇට්ටර වෙලා හොඳක්, නරකක් තේරුම් ගන්න බැරුව අසූචි බවට පත්වූ තම පක්ෂයේ නම් සුවඳයි කියන රෝස මලක් වූත්, වෙනත් පක්ෂයක නම් ගඳයි කියන වැඩිහිටියන් සිටින රටක, පාර්ලිමේන්තු යැවිය යුතු මිනිසුන් තෝරගන්න තරුණ දරුවන්ට හොඳ අවස්ථාවක්... රටට හොඳක් වේවි...