
(ඇල්ල ප්‍රසාද් රුක්මල් )
වැඩිමිළට විකිණීම සදහා සගවා තිබූරුපියල් ලක්ෂ 18ක්පමණ වටිනා රසායනික පොහොර මිටි 1200ක් රිදීමාලියද්ද කුඩාලුනුක ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසක තිබී අත්අඩංගුවට ගත් බව බදුල්ල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි .
මෙම රසායනික පොහොර මිටි තොගය සගවා තබා ගෙන සිටි රිදීමාලියද්ද කුඩාලුනුක මහයාය ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි ව්‍යාපාරිකයාට නඩු පැවරීමට කටයුතු කළ බව පාරිභෝගික අධිකාරිය කියයි .
බදුල්ල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත පොහොර මිළදී ගන්නා මුවාවෙන් රහසේ උපායදූතයකු යොදවා සිදු කළ වැටලීමකදී මෙම ව්‍යාපාරිකයා රුපියල් 3400ක මුදලට රජයේ සහනාධාර පොහොර මිටියක් විකිණීමේදී මෙසේ අල්ලාගෙන නඩු පැවරූ බව ද නිලධාරීහු සදහන් කළහ .
රුපියල් 1500ක මුදලකට ගොවීන් සදහා මෙම රසායනික පොහොර මිටියක් අලෙවි කිරීමට නියමකර තිබියදී මෙම ව්‍යාපාරිකයා සහනාධාර පොහොර මිටියක් රුපියල් 3400ක මුදකට හොර රහසේ විකුණා ඇති බවට තොරතුරු අනාවරණය විනැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කියයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත් ගුණවත් ජාති හිතෛෂී වෙළඳ ව්‍යාපාරිකයෙක්..