IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


15 වැනි වරටත් ලංකාදීප කිරුළ පළදී

 

( ඡායාරූපය ජයමාල් චන්ද්‍රසිරි) 

වසරේ ජනප්‍රියතම ජාතික පුවත්පත ලෙස ලංකාදීප පුවත්පත ‘15‘ වැනි වරට ස්ලීම්  මහජන සම්මානය අද (23) දිනාගත්තේය.

 ලංකාදීප නාමය යටතේ  දිනපතා ලංකාදීප පුවත්පත සහ ඉරිදා ලංකාදීප පුවත්පත මුද්‍රණය වන අතර  ශ්‍රි ලංකාවේ ප්‍රමුඛතම පුවත්පත් නාමය වන්නේද ලංකාදීප පුවත්පතයි.

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය  මෙම සම්මාන උළෙල සංවිධානය කරයි .

බණ්ඩාරනායක අනුස්මරණ  ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද මෙම සම්මාන උළෙල පැවැත්විණි .

 

 

 



අදහස් (11)

15 වැනි වරටත් ලංකාදීප කිරුළ පළදී

Ravinath Tuesday, 23 March 2021 03:10 PM

සීනිසේනට බනිද්දි රිදෙන්නෙ ඇයි..?

:       3       6

NMTuesday, 23 March 2021 09:35 PM

ලංකාදීප පුවත්පත යනු ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් දිනාගත් එකම පුවත්පත වන අතරම ලංකාවේ සිදුවන සිදුවීම් සැනෙකින් පාඨකයාට ලබාදෙන එකම පුවත්පතද වේ. දේශපාලනයේ සිට කලාව දක්වා සිදුවන සෑම සිදුවීමක්ම ඇතුළත්කොට පාඨකයාට ලබාදීම සහ දැනුවත් කිරීම අගය කරමු. එමෙන්ම ලංකාවේ පමණක් නොව ලොව පුරා සිටින ශ්‍රී ලාංකිකයන්ගේ අදහස්, යෝජනා පමණක් නොව චෝදනාද ලබා දීමට අවස්ථව සලසා දී තිබීම ඉතාම වටිනේය. එමනිසා ලංකාවේ තිබෙන්නා වූ සියලු පුවත්පත් අතරින් පළමු තැන ගැනීම මෙන්ම මාධ්‍ය කලාව මධ්‍යස්ථව පවත්වා ගැනීම නිසාම 15 වැනි වරටත් ලංකාදීප කිරුළ පැළඳීමෙන්ම පෙනී යනුයේ ලංකාදීපයේ ජනප්‍රියත්වය වේ.

:       2       4

upul Tuesday, 23 March 2021 04:24 PM

සන්තෝසයි.. ආඩම්බරයි..

:       0       0

nishantha kumara Tuesday, 23 March 2021 04:45 PM

හරිම සතුටුයි.

:       0       0

විජිත් Tuesday, 23 March 2021 06:32 PM

අපේ ලංකාදීපයට සුබ පැතුම් ...!!! රටේ සිදුවන්නේ කුමක්දැයි ,රටේ ජනතාවට දැනගැනීමේ අයිතිය, නිල්, කොළ ,රතු, පොහොට්ටුවෝ... වැනි එකිනෙකාගේ පිට අනෙකාලවා කසාගන්නා දූෂිත, හොර දේශපාලුවන්ගේ දහසින් බැඳී පියලි ප්‍රතික්ෂේප කරමින් ඔබ යන මැද මාවතේ ඉදිරියටම යනතෙක් රටේ ජනතාව ඔබව අගය කරනු ඇත. දිනෙක ඔබ " පීල්ලෙන් පිට " පැන්නොත් ...අද දිවයිනේ සමහර පත්තරවලට හිමිවී ඇති ඉරණමම ඔබටත් මුහුණ පාන්න වෙනවා ඒකාන්තයි. දෙවි පිහිටෙන් අපේ ලංකාදීපයට එවැනි ශෝචනීය ඉරණමක් අත් නොවන ලෙස... ඉතාමත්ම මැද මාවතේ ඉදිරියටම යන්න. ගල් මුල්, කඳු වැටී , ගංගා ඇලදොළ ,චණ්ඩ මාරුත ..ඔබව අධෛර්යමත් කරන්න බලයි. ඒවා ඉවසාගෙන ඔබ ඔබේ ගමන යනතෙක් අපි සියලුදෙනාම ඔබ සමගයි. සුපුරුදු ලෙස, ලෝකයේ, අපේ රටේ සිදුවන අලුත්ම සිදුවීම් වලින් අපව දිගින් දිගටම දැනුවත් කළාට, ලංකාදීපය ඔබට බොහෝ පින්...

:       2       5

සමිත සේනක අලුත්ගමගේ.Wednesday, 24 March 2021 11:35 AM

ඔව් විජිත්... ඔබ අප සැම ලංකාදීපය සමගයි.

:       2       3

ලුම්බිණි Tuesday, 23 March 2021 10:51 PM

සුබපැතුම්!

:       2       1

ප්‍රේමතිලක ද සිල්වා Wednesday, 24 March 2021 12:19 AM

ලංකාදීපය දිනේවා... උණුසුම් සුබපැතුම්...!!! 

:       3       1

fairoos Wednesday, 24 March 2021 08:30 AM

පක්ෂ, ජාති භේද නැතිව වාර්තා කරන්නේ.. සුබ පැතුම්.. !!!

:       2       2

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 24 March 2021 09:28 AM

අපගේ උණුසුම් සුබපැතුම්... !!!

:       1       1

පිටරැටියා Wednesday, 24 March 2021 12:16 PM

ලංකාවේ පුවත් කඩිනමින් දැනගැනීමට ලැබීමත් ලොකු දෙයක්. අනික් පුවත්පත්වලට වඩා ලංකාදීප පත්තරේ පළවන පුවත් පිළිබඳව අපිට සෑහෙන විශ්වාසයක් තියෙනවා. දිගුකල් පවතීවා!.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 201 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site