(නිමන්ති රණසිංහ)
පහළොස් හැවිරිදි බාල වයස්කාර දැරිය ලිංගික කටයුතු සඳහා යෙදවීමට දැන්වීම් පළ කළ වෙබ් අඩවියේ හිමිකරු සහ මූල්‍ය කලමනාකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (3) රාත්‍රී අත්අඩංගුවට ගනු ලැබහ.
මෙම අසභ්‍ය වෙබ් අඩවියේ හිමිකරු පානදුර ප්‍රදේශයෙන් ද එහි මූල්‍ය කලමනාකරු බණ්ඩාරගම ප්‍රදේශයෙන් ද අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික අංශයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර හෙට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
මෙම සිද්ධියට අදාළව මේවන විට සැකකරුවන් 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර නියපොත්තෙන් කඩන්න තියෙන දේ කඩලම දාන්න. මේ අයව එල්ලන්න. ඇප ලැබුණත් මේ අය කරන්නේ තව දුවනු පිරිසක් අමාරුවේ දාන එක...
අප නැවත නැවතත් අදාළ සියලුම නිලධාරින්ගෙන් මෙන්ම සියලුම මාධ්‍යන්ගෙන් කාරුණිකව මෙසේ ඉල්ලා සිටින්නෙමු. මේ අයගේ සියලුම විස්තර ඡායාරූපද සමගම පලකරන මෙන් ඉල්ලා සිටින්නෙමු. එසේ කිරීමෙන් මොවුන්ට මෙන්ම මොවුන්ගේ අඹුදරුවන්ටද පාරේ යාමට නොහැකි තත්වයකට පත්වීම වැළැක්විය නොහැකිය. එසේ වීමෙන් මෙම නිවට තත්වයන්ට මිනිසුන් පත්වීමට බියවෙනු ඇත.
චීවරධාරියාගේ වැඩ තහනම් කරන්නේ කවදා දැයි මහනායක හිමිවරුන්ගෙන් දැනගන්න ජනතාව බලාසිටිනවා.
රහස් පොලීසියට හා මේ සම්බන්ධව කටයුතු කරන සැමට ස්තූතිවේවා...!!! නූගත්, වනචර හැතිකරය අමුඅමුවේ අසභ්‍ය දේවල් පළකොට කරගෙන යනුලබන සංස්කෘතික විනාශය වළකා එම අසංවර හැතිකරයෙන් රට බේරාගැනීමට වගකිවයුතු සැමදෙනාටම ශක්තිය, ධෛර්යය ලැබේවා... !!!