
(නිමන්ති රණසිංහ)
අන්තර්ජාලය ඔස්සේ වයස අවුරුදු 15 ක බාලවයස්කාර දැරියක දූෂණය කළේ කියන සිද්ධියට අදාලව ළමා හා කාන්තා කාර්යාංශය අත්අඩංගුවට ගත් නැවක කපිතාන්වරයකු, මැණික් ව්‍යාපාරිකයකු ඇතුළු පස් දෙනකු ලබන 15 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා අද (3) නියෝග කළේය.
සිද්ධියට අදාළ සැකකරුවන් 26 දෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට දැනුම් දුන්නේය.
මෙහි වින්දිත දැරියගේ ජංගම දුරකථනයෙන් ලබාගත් තොරතුරු ඔස්සේ සිදුකරන ලද විමර්ශනයට අදාළව මෙම සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගත් බව ළමා හා කාන්තා කාර්‍යංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 16 දෙනකු අත්අඩංගුවට ගැනීමට සිටින බවද එම කාර්යාංශය අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම මෙම සිද්ධියට අදාළව හා කාන්තා කාර්යංශ අත්අඩංගුවට ගත් මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපති ලලිත් එදිරිසිංහ මහතා ද මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
(ඡායාරූප ගයාන් අමරසේකර)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමා අපචාරකරුවන්ගේ මුහුණු වහන්නේ ඇයි? පාහරයින් සියලු දෙනාම හෙළිකළ යුතුය.
දැන්ද ලැජ්ජා වෙන්නේ?
මුහුණ වහන් ගියත් වැඩක් නැහැ මහත්තයෝ.. ඔයාලා නිරුවත් වෙලා ඉවරයි.